Monday, April 7, 2025
Home » මිය­න්මාර භූ ක­ම්ප­න­යෙන් බැංකොක් ගොඩ­නැ­ඟිල්ල බිඳ වැටීම: තායි අග­මැති නියෝ­ග­යෙන් විම­ර්ශ­න­යක්

මිය­න්මාර භූ ක­ම්ප­න­යෙන් බැංකොක් ගොඩ­නැ­ඟිල්ල බිඳ වැටීම: තායි අග­මැති නියෝ­ග­යෙන් විම­ර්ශ­න­යක්

by damith
April 7, 2025 4:08 pm 0 comment

මිය­න්මාර භූ කම්පනයේ බල­පෑ­මෙන් තායි­ල­න්තයේ බැංකොක් නුවර මහල් 33කින් සම­න්විත අති­වි­ශාල ගොඩ­නැ­ඟිල්ල මුළු­ම­නින්ම විනාශ වීම සම්බ­න්ධව විධි­මත් පරි­ක්ෂ­ණ­යක් පැවැ­ත්වී­මට එරට අග­මැ­ති­නිය පයි­ටොං­ග්ටාන් ෂින­වේට්රා නියෝග කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. මීටර් 137ක් උසැති වැඩ නිම නොකළ එම ගොඩ­නැ­ඟිල්ල භූ කම්ප­නයේ බල­පෑ­මෙන් තායි­ල­න්තයේ විනාශ වූ එකම ගොඩ­නැ­ඟිල්ල බැවින් එහි ඉදි කිරිමේ ප්‍රමි­තිය සම්බ­න්ධව ගැටලුසහ­ගත තත්ත්ව­යක් මතු වී ඇතැයි ද විදෙස් මාධ්‍ය වැඩි­දු­ර­ටත් වාර්තා කරයි.

චීන ඉංජි­නේරු සමා­ග­මක් විසින් ඉදි­කි­රීම් භාරව සිටි එම ගොඩ­නැ­ඟිල්ල බිඳ­වැ­ටෙන විට එහි 100කට අධික සේව­ක­යන් සේවයේ නිර­තව සිටි බවත්, 19 දෙන­කුගේ මළ­සි­රුරු සොයා ගනු ලැබු­වද, තවත් 75 දෙනකු ගොඩ­නැ­ඟිලි සුන්බුන් අත­රට මිහි­දන් වූ බවට අනු­මාන කරන බවත් විදෙස් මාධ්‍ය සඳ­හන් කරයි. හදිසි ආපදා නියා­මන උල්ලං­ඝ­නය කර­මින් බිඳ වැටුණු ගොඩ­නැ­ඟිල්ලේ සුන්බුන් අත­රින් ලිපි­ලේ­ඛන තොග­යක් රැගෙන යෑමට උත්සාහ කළ බව කියන එහි ඉදි­කි­රීම් බාරව සිටි ඉංජි­නේරු සමා­ගමේ නිල­ධා­රීන් සිවු­දෙ­නකු තායි­ලන්ත පොලි­සිය විසින් අත්අ­ඩං­ගු­වට ගෙන ඇති අතර, ඉදි­කි­රිම් සඳහා භාවිත කළ උප­ක­රණ සහ ද්‍රව්‍ය තත්ත්ව පරී­ක්ෂා­ව­කට ලක් කිරී­මට තායි­ලන්ත කර්මාන්ත අමා­ත්‍යාං­ශය පිය­වර ගෙන ඇතැයි වාර්තා වේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT