Home » වෙළෙඳ යුද්ධය ආරම්භ වෙයි

වෙළෙඳ යුද්ධය ආරම්භ වෙයි

by damith
April 7, 2025 8:11 am 0 comment

රන්ජන් අම­ර­රත්න

සමස්ත ලෝක­යම බර­ප­තළ වෙළෙඳ යුද්ධ­යක පැටලී සිටියි. කිසිදු රාජ්‍ය්‍ය­කට නිද­හස් හා සැන­සිල්ලේ සිය වෙළෙඳ කට­යුතු කර­ගෙ­න­යෑමේ හැකි­යා­වක් නැත. ලෝක බල­වතා වන අමෙ­රි­කාව සෑම රාජ්‍ය­ය­ක­ටම බල­පාන අයු­රින් බදු ප්‍රති­ප­ත්තිය වෙනස් කර ඇත. එහි ඉල­ක්කය වන්නේ අමෙ­රි­කන් ආර්ථි­ක­යට වාසි­ස­හ­ගත අයු­රින් තීරු­බදු ක්‍රමය පව­ත්වා­ගෙ­න­යෑම හා ආර්ථික ගනු­දෙනු සිදු කිරී­මය.

ජනා­ධි­පති ඩොනල්ඩ් ට්‍රම්ප් සිය බදු ප්‍රති­ප­ත්තිය හඳු­න්වා­දෙ­මින් බර­ප­තළ ප්‍රකා­ශ­යක් නිකුත් කළේය.

“මෙතෙක් කාල­යක් අමෙ­රි­කන් ජන­තා­වගේ බදු මුදල් හා අමෙ­රි­කන් ජාතිය සතු සම්පත් ලෝකයේ සෙසු රට­වල් විසින් සූරා­කෑ­මට හා අප­හ­ර­ණ­යට ලක් කරන ලදි. දැන් එය වෙනස් විය යුතුයි. වන්දි­ය­කුත් සමඟ මේ සම්පත් ආපසු අමෙ­රි­කා­වට ලැබිය යුතුයි.”

ජනා­ධි­පති ට්‍රම්ප්ගේ ඉල­ක්කය වන්නේ අමෙ­රි­කාව සතු සම්පත් ප්‍රමා­ණය හා ඩොල­රයේ වටි­නා­කම ස්ථාවර මට්ට­මක පව­ත්වා­ගෙ­න­යෑ­මය. එය වේග­යෙන් සිදු­විය යුතු බව ට්‍රම්ප්ගේ මතය වෙයි. America Fint යන්න ඔහුගේ සටන් පාඨය වෙයි. නැව­තත් සුපිරි අමෙ­රි­කා­වක් ගොඩ­නැ­ඟීම ට්‍රම්ප්ගේ සිහි­නය වෙයි. මේ වන­විට ද අමෙ­රි­කානු ආර්ථි­කය ලොව ඇති බල­වත්ම ආර්ථි­කය වෙයි. දෙවන ආර්ථි­කය හිමි වන්නේ චීන­යට ය. ට්‍රම්ප්ගේ නව තීරු­බදු ප්‍රති­ප­ත්තිය නිසා සමස්ත ලෝක­යේම ආර්ථි­කය උඩු­ය­ටි­කුරු වනු ඇතැයි මේ වන­වි­ටත් පුරෝ­ක­ථන ඉදි­රි­පත් වී ඇත. මෙහි ක්ෂණික ප්‍රති­ඵල කිහි­ප­යක් මේ වන විට ද දැක­ගත හැකිය.

(I) ලොව ප්‍රධාන කොටස් වෙළෙ­ඳ­පො­ළ­වල් කඩා වැටී ඇත.

(II) බල­වත් සමා­ගම් ක්ෂණික කම්ප­න­ය­කට ලක්වී ඇත.

(III) මූල්‍ය සමා­ගම් සිය කට­යුතු අක්‍රිය කර­මින් සිටියි.

(IV) ආර්ථික අව­පා­ත­යක පූර්ව ලකුණු පහළ වී ඇත.

(V) රැකියා අව­දා­න­මක් මතුවී ඇති අතර දස­ලක්ෂ ගණ­න­කට රැකියා අහි­මි­වන බව ප්‍රකා­ශිත ය.

(VI) දුප්පත්ම රට­වල අප­න­යන කර්මාන්ත හා සේවා ආර්ථි­ක­යන් පල්ලම් බසිනු ඇත.

ට්‍රම්ප්ගේ නව බදු ප්‍රති­ප­ත්තිය ගැන මත දක්වන ලෝක වෙළෙඳ සංග­මය මෙහි භයා­නක ප්‍රති­ඵල ඉතා කෙටි කාල­යක් තුළ මතු­වනු ඇතැයි නිවේ­ද­නය කර තිබේ. අන්ත­ර්ජා­තික අර­මු­දල දන්වා සිටින්නේ මේ තත්ත්වය අධ්‍ය­ය­නය කිරීම සඳහා තවත් සති දෙකක පමණ කාල­යක් විඩංගු කළ යුතු බවය. යුරෝපා සංග­මය, කැන­ඩාව, මෙක්සි­කෝව, චීනය, එංග­ල­න්තය ඇතුළු බල­වත් රට­වල් හා සංවි­ධාන ඩොනල්ට් ට්‍රම්ප්ගේ බදු ප්‍රති­ප­ත්තිය හා ආර්ථික වැඩ­ස­ට­හන් දැඩි දෝෂ­ද­ර්ශ­න­යට ලක් කරන අතර, ප්‍රංශ ජනා­ධි­ප­ති­ව­රයා කියා සිටින්නේ බට­හිර රට­වල් එක පෙළට ශක්ති­මත්ව හිට­ගෙන අමෙ­රිකා එක්සත් ජන­ප­දය හුදෙ­කලා කළ යුතු බවය. චීනය, කැන­ඩාව, මෙක්සි­කෝව, ඉන්දි­යාව ට්‍රම්ප්ගේ බදු ප්‍රති­ප­ත්ති­යට එරෙ­හිව විකල්ප ක්‍රියා­මාර්ග ගනි­මින් සිටියි. මේ අනුව ට්‍රම්ප්ගේ ඉලක්ක පහ­සු­වෙන් ජය­ගන්නේ නැත යැයි කිව හැකිය.

1989 පමණ වන­තෙක්ම ලෝකය අත්දු­ටුවේ වෙනත් යුද්ධ­යකි. එය ධන­වා­දය හා සමා­ජ­වා­දය අතර වූ ශීතල යුද්ධය ලෙස හැඳි­න්විය හැකිය. එහි ධන­වාදී පාර්ශ්වයේ නාය­ක­ත්වය හිමි­වූයේ අමෙ­රි­කා­ව­ටය. එදා අමෙ­රි­කාව හැඳි­න්වූයේ ලෝක වෙළෙ­ඳාම සම්බ­න්ධ­යෙන් සිටින අවංක බ්‍රෝක­ර්ව­රයා ලෙසය. මෙය ජෝන් හොප්කින්ස් විශ්ව­වි­ද්‍යා­ලයේ කීර්ති­මත් ගුරු­ව­ර­යකු වූ පෝල් එච්. නීට්ෂේගේ හඳු­න්වා­දී­මකි. එහෙත්, 1991 සෝවි­යට් දේශයේ කඩා­වැ­ටී­මත් සමඟ ශීතල යුද්ධය නිමා­වට පත්විය. ධන­පති ලෝකය ජය­ග්‍ර­හ­ණය තහ­වුරු කර­ගත් අතර අමෙ­රි­කාවේ හා එංග­ල­න්තයේ සටන් පාඨය වූයේ නිර්බා­ධක ලෝක වෙළෙ­ඳා­මක් යන්නය. නව ලිබ­ර­ල්වා­දයේ ප්‍රධාන පද­නම දේශ­සීමා බාධ­ක­ව­ලින් තොර ලෝක වෙළෙ­ඳා­මකි. අමෙ­රි­කාවේ රොනල්ඩ් රේගන් මෙන්ම මහා බ්‍රිතා­න්‍යයේ මාග්‍රට් තැචර් මේ ආර්ථික ක්‍රමය ශක්ති­මත් කළහ. මේ වන­විට සට­හන් වී ඇත්තේ එහි උප­රි­මය යැයි කිව හැකිය.

‘ධන­වත් රට­වල් වඩාත් ධන­වත් වීම හා දුප්පත් රට­වල් තව­දු­ර­ටත් දුප්පත් කිරීම’ ලෙස ඇතැම් ආර්ථික විශේ­ෂ­ඥයෝ නව ලිබ­ර­ල්වා­දය හැඳි­න්වූහ. කුමක් වුව නව ලිබ­ර­ල්වා­දය ලෝකයේ ආර්ථික ප්‍රශ්න­ව­ලට හෝ දුප්ප­ත්කම පිටු­දැ­කී­මට හෝ ස්ථාවර විස­ඳු­මක් වූයේ නැත. එය අද වන­විට හොඳ­ටම දැක­ගත හැකිය.

ඉහත ආර්ථික විග්‍ර­හය සමා­ජ­වාදී හා මැදි­හත් ආර්ථික විශේ­ෂ­ඥ­යන්ගේ මත­යක් පම­ණක් නොවේ. ධනේ­ශ්වර ක්‍රමය පිළි­ගත් හා එම පාර්ශ්වය නියෝ­ජ­නය කළ ආර්ථික විද්‍යා­ඥයෝ ද එම මතය දැරූහ. නිද­සු­නක් ලෙස නොබෙල් ත්‍යාග­ලාභී ආර්ථික විද්‍යා­ඥ­යකු වූ ආචාර්ය ඊ.එෆ්. ෂූමා­කාර්ගේ ‘පුංචි දේ ලස්ස­නයි’ (Small in beautiful) නම් සම්මා­න­නීය කෘති­යෙන් ද එම මතය සනාථ කර තිබිණි. මින් හැඟ­වෙන වැද­ගත් අද­හ­සක් වන්නේ විද්‍යා­ත්මක සමා­ජ­වා­දීන් දරන ප්‍රධාන මත­වා­දය වූ දුප්ප­ත්ක­මට, සංව­ර්ධ­න­යට හා සූරා­කෑම නැවැ­ත්වී­මට ධන­පති ක්‍රමය තුළ විස­ඳුම් නැත යන්නය. එය අද වන­විට තහ­වුරු වෙමින් පව­තින්නේ අප්‍රි­කාවේ, ලතින් අමෙ­රි­කාවේ හා ආසි­යාවේ ඇති ආර්ථික අර්බු­දය යැයි පෙන්වා දිය හැකිය. සෝමා­ලි­යාවේ දරුණු සාග­ත­යක් පැතිර යයි. සූඩා­නයේ හා කොංගෝවේ ද මන්ද­පෝ­ෂ­ණය පැතිර යයි.

දෛවයේ සර­ද­මක් ලෙස දැන් සූරා­කෑම ගැන කතා කරන්නේ අමෙ­රි­කා­වය. ඩොනල්ඩ් ට්‍රම්ප් චෝදනා කරන අන්ද­මට දුප්පත් රට­වල් නැත­හොත් තෙවන ලෝකයේ රට­වල් අමෙ­රි­කාව සූරා­කෑ­මට ලක් කරන අතර, අප­හ­ර­ණ­යට හෙවත් දූෂ­ණ­යට ද ලක් කරයි. ට්‍රම්ප්ගේ මේ ක්‍රියා­ව­ලිය නිසා අලුත් ආර්ථික ප්‍රයාම ගණ­නා­වක් ඇති­වී­මට නිය­මිත බව ද තවත් පිරි­සක් පෙන්වා දෙති.

(I) කලා­පීය ආර්ථික සහ­යෝ­ගීතා සංවි­ධාන බිහිවී ක්‍රියා­ත්මක විය හැකිය. දකුණු ආසි­යා­වට සාර්ක් සංවි­ධා­නය තිබේ. අප්‍රි­කා­වට අප්‍රි­කානු සංග­මය ඇතුළු තවත් සංවි­ධාන තිබේ.

(II) චීනය, ඉන්දි­යාව හා රුසි­යාව අලුත් ආර්ථික සන්ධා­න­යක් ඇති කර­ගත හැකිය. එය බල­වත් ආර්ථික සංවි­ධා­න­යක් විය හැකිය.

(III) බ්‍රික්ස් සමු­ළුව අලුත් වට­ය­කින් ඉදි­රි­යට පැමි­ණි­යේය. මේ වන­විට පොදු විනි­මය ඒක­ක­යක් ගැන සාක­ච්ඡා­වක් පව­තියි.

(IV) පොදුවේ ගත් කල කොටස් වෙළෙ­ඳ­පොළ කඩා­වැ­ටීම දිගින් දිග­ටම සිදු වෙමින් පව­තියි. මූල්‍ය සමා­ගම් දුර්වල වෙයි. ලෝක ඩිජි­ට­ල්ක­ර­ණය අවුල් වෙයි.

(V) යුරෝපා සංග­මය තව­දු­ර­ටත් ශක්ති­මත් වෙයි. සංග­මය හා අමෙ­රිකා එක්සත් ජන­ප­දය අතර පර­ත­රය හා විභේ­ද­නය තව­දු­ර­ටත් පුළුල් වෙයි. ඒ ඔස්සේ ලෝක ආර්ථි­කය තවත් නරක පැත්ත­කට තල්ලු වෙයි.

මේ වනාහි ට්‍රම්ප්ගේ බදු ප්‍රති­පත්ති මත වසර කිහි­ප­යක් තුළ ඇති­විය හැකිව තිබෙන බැලූ­බැ­ල්මට පෙනෙ­න්නට ඇති ආර්ථි­කයේ ස්වභා­ව­යයි. මෙය ඊට වඩා කිහිප ගුණ­ය­කින් දරුණු වන්නට පුළු­වන. විකෘති වන්න­ටත් පුළු­වන. ඇතැ­ම්විට දිගු­කා­ලීන වශ­යෙන් අමෙ­රි­කා­වට ඉතා සුබ­දා­යක තත්ත්ව­යක් වන්න­ටත් පුළු­වන.

ලෙසතෝ නම් කුඩා දුප්පත් රාජ්‍යය වෙනු­වෙන් 50%ක තීරු­බදු නියම කළ ට්‍රම්ප්, ඒකත් රටක් දැයි ප්‍රශ්න කළේය.

ඔහුගේ අහං­කාර දැඩි නාය­ක­ත්වය එම ප්‍රකා­ශ­යෙන් හොඳ­හැටි වට­හා­ගත හැකිය.

ලෝකය පළ­මුව ඩොනල්ඩ් ට්‍රම්ප් හඳු­නා­ගත්තේ ශූර ව්‍යාපා­රි­ක­යකු හැටි­ය­ටය. පාඩු නැතිව සිය ව්‍යාපා­රය පව­ත්වා­ගෙන යන ආකා­රය ට්‍රම්ප් හොඳ­හැටි දැන­ගෙන සිටි­යේය. ලෝකය දෙව­නුව ඔහු හඳු­නා­ගත්තේ ආර්ථි­කය කණ­පිට පෙර­ළන බල­ස­ම්පන්න දේශ­පා­ල­ක­යකු හැටි­ය­ටය. 1925 මුල් කාර්තුවේ දී ජාත්‍ය­න්තර ටයිම් සඟ­රාව ඩොනල්ඩ් ට්‍රම්ප් හඳු­න්වන්නේ මේ වසරේ ලෝක මිනිසා හැටි­ය­ටය. ටයිම් සඟ­රාවේ ප්‍රධාන කර්තෘ සෑම් ජාකොබ්ස් කියා සිටින පිළි­වෙ­ළට නම් ඔහු එනම්; ඩොනල්ඩ් ට්‍රම්ප් මෙතෙක් ලෝකය පැමිණි ආර්ථික මාර්ගය පම­ණක් නොව; දේශ­පා­ලන මාර්ගය ද වෙනස් කරනු ඇත. එය හොඳ පැත්තට ද නරක පැත්තට ද යනු දැන්ම නිශ්චය කළ නොහැ­කිය.

යළිත් ශ්‍රී ලංකාව දෙසට යොමු­වු­ව­හොත් ට්‍රම්ප්ගේ බදු ප්‍රති­ප­ත්තිය නිසා; අපේ ප්‍රධාන අප­න­ය­නය හා ප්‍රධාන විදේශ විනි­මය ඉපැ­යීම වන ඇඟ­ලුම් කර්මා­න්ත­යට යම් බල­පෑ­මක් විය හැකි බැවින් අමෙ­රි­කන් රජය සමඟ සාක­ච්ඡා­කොට යම් සහ­න­යක් ලබා ගත­යු­තුය. ඒ වගේම අපට තවත් වික­ල්ප­යක් ඇත. එනම්, අප වෙනත් වෙ‍ෙළ­ඳ­පො­ළක් සොයාගැනීම නුවණට හුරුය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT