Monday, April 7, 2025
Home » රාජ්‍ය­තා­න්ත්‍රික සැබෑ මිතු­දම්

රාජ්‍ය­තා­න්ත්‍රික සැබෑ මිතු­දම්

by damith
April 7, 2025 4:10 pm 0 comment

නුවන් මහේෂ් ජය­වි­ක්‍රම

ඉන්දීය – ශ්‍රී ලංකා මිතු­දම ඉතා දිගු ඉති­හා­ස­ය­කට උරු­ම­කම් කිය­න්නකි. කලා­පීය බල­වතා වන ඉන්දි­යානු අග­මැ­ති­ව­ර­යාගේ මෙරට සංචා­රය ඓති­හා­සික සබ­ඳතා අලුත් කර­ව­න්නට සමත් වී ඇත. මෙය අන්ත­ර්ජා­තික අව­ධා­න­යට ද ලක් වන කරු­ණකි. එසේ හෙයින් ඉන්දි­යානු අග­මැ­ති­ව­ර­යාගේ සංචා­රය ශ්‍රී ලංකා­වට බල­පාන අන්දම පිළි­බඳ ශ්‍රී ලංකා විවෘත විශ්ව­වි­ද්‍යා­ලයේ, මානව ශාස්ත්‍ර පීඨයේ, ජාත්‍ය­න්තර සබ­ඳතා සහ දේශ­පා­ලන අංශයේ ජ්‍යෙෂ්ඨ කථි­කා­චාර්ය, ආචාර්ය අතු­ල­සිරි සම­ර­කෝන් සමඟ කළ සාක­ච්ඡා­වක් ඇසු­රෙන් මෙය සැක­සිණි.

ආචාර්ය අතු­ල­සිරි සම­ර­කෝන්ජ්‍යෙෂ්ඨ කථි­කා­චාර්ය, 
ජාත්‍ය­න්තර සබ­ඳතා සහ දේශ­පා­ලන අංශය, මානව ශාස්ත්‍ර පීඨය, 
ශ්‍රී ලංකා විවෘත විශ්ව­වි­ද්‍යා­ලය

ආචාර්ය අතු­ල­සිරි සම­ර­කෝන්
ජ්‍යෙෂ්ඨ කථි­කා­චාර්ය,
ජාත්‍ය­න්තර සබ­ඳතා සහ දේශ­පා­ලන අංශය, මානව ශාස්ත්‍ර පීඨය,
ශ්‍රී ලංකා විවෘත විශ්ව­වි­ද්‍යා­ලය

ඉන්දි­යානු අග­මැ­ති­ව­ර­යාගේ මෙරට සංචා­රය ඉතා­මත් විශේ­ෂි­තය. එය පැති ගණ­නා­ව­කින් විග්‍රහ කළ හැකිය. පළ­මු­වෙන්ම රාජ්‍ය පාල­නය දෙසට හැරෙමු. මෙම සංචා­රය සම්ප්‍ර­දා­යි­කව මෙරට පාල­නය කරන පාල­ක­යකු බලයේ නොසි­ටින අව­ස්ථා­ව­කදී සිදු වූවකි. වාම­වාදී පක්ෂ­යක නාය­ක­යකු නාය­ක­­ත්වය දරන සන්ධා­න­යක් බල­යට පත්වූ අව­ස්ථා­ව­කදී මෙවර ඉන්දි­යානු අග­මැ­ති­ව­ර­යාගේ ශ්‍රී ලංකා සංචා­රය යෙදුණි. එය අති­ශය සුවි­ශේ­ෂීය. ඓති­හා­සි­කය.

එසේම, ශ්‍රී ලංකාව ඉන්දි­යා­වට ස්තුති­වන්ත විය යුතුය. මෙරට දැවැන්ත අර්බු­ද­ය­කට මුහුණ දී සිටි­යදී බිලි­යන 4ක විස්තීර්ණ ණය පහ­සු­ක­මක් මඟින් ඉන්ධන, ආහාර, ඖෂධ ඉන්දි­යා­වෙන් මෙර­ටට ලැබුණි. ඉන්දි­යාව කිසි­සේත්ම ශ්‍රී ලංකාව කඩා වැටුණු රාජ්‍ය­යක් වශ­යෙන් පැව­තීම අපේක්ෂා නොක­ළේය. ශ්‍රී ලාංකේය ශක්ති­ම­ත්බව, ආර්ථික සමෘ­ද්ධිය ඉන්දි­යා­වේද බලා­පො­රො­ත්තු­වයි. ශ්‍රී ලංකාවේ වසර 30ක සිවිල් යුද්ධය, කැරලි කෝලා­හල ගණ­නා­වක් පැව­තීම සමස්ත කලා­ප­ය­ටම තර්ජ­න­යක්ව පැව­තුණු කලක් විය.

මෝදිගේ සංචාරය

අනෙක් අතට, ඉන්දි­යානු අග­මැ­ති­ව­ර­යාගේ සංචා­රය මෙරට ආණ්ඩු­වට අති­ශය වැද­ගත්ය. ශ්‍රී ලාංකේය නව ජන­ප­ති­ව­රයා පත්වී මාස 5කින් කලා­පීය බල­වතා මෙරට සංචා­ර­යක නිරත වීමට තීර­ණය කර තිබේ. එය රාජ්‍ය­යක් වශ­යෙන් මෙර­ටට, කලා­ප­යෙන්ම ලැබුණු විශාල පිළි­ගැ­නී­මකි. එයම ආසි­යානු කලා­පයේ පම­ණක් නොව ලෝක මට්ට­මෙන් ප්‍රජා­ත­න්ත්‍ර­වාදී ලෝකය තුළ මෙරට තව­දු­ර­ටත් හඳු­න්වා­දී­මට, පිළි­ගැ­නී­මට ලක්වන කරු­ණකි. ඒ අනුව මේ සංචා­රය මේ අව­ස්ථා­වේදී රාජ්‍ය­තා­න්ත්‍රික වශ­යෙන් මෙරට අන­න්‍ය­තාව, දේශ­පා­ලන පද්ධ­තිය, ආර්ථික ක්‍රමය පිළි­බඳ අන්ත­ර්ජා­තික ප්‍රජා­වට විශාල ඉඟි­යක් සප­ය­න්නකි. මෙරට විවෘත සහ නිද­හස් ලෝක­යත් සමඟ ගමන් කිරී­මට සූදා­නම් යන වග මෙයින් කියා­පායි.

එසේම, ජන­ප­ති­ව­රයා මේ වන ­විට චීන සංචා­රය නිමා කර ඇත. එවැනි අව­ස්ථා­ව­කදී මෙය තව­දු­ර­ටත් වැද­ගත්ය. ශ්‍රී ලාංකේය ජනා­ධි­ප­ති­ව­රයා ඉන්දි­යානු සංචා­ර­යේදී ඉන්දීය ජන­ප­ති­ව­ර­යාට මෙර­ටට පැමි­ණෙ­න්නැයි ආරා­ධනා කළේය. හෙතෙම එය පිළි­ගන්නා ලදි. එසේම එයින් කෙටි කලක් තුළදී හෙතෙම මෙරට සංචා­රය කිරීම ඉතා වැද­ගත් තත්ත්ව­යකි.

ශ්‍රී ලංකාව දකුණු ආසි­යාවේ ඉතා කුඩා රාජ්‍ය­යකි. එසේම, මෙකල අප ආර්ථික වශ­යෙන් නැඟී­සි­ටි­න්නට උත්සාහ දරන මොහො­තකි. මේ අව­ස්ථා­වේදී මෙර­ටට රාජ්‍ය­තා­න්ත්‍රික මට්ට­මෙන් දකුණු ආසි­යානු මෙන්ම ලෝක ව්‍යාපා­රික ප්‍රජාව ආක­ර්ෂ­ණය කර ගැනීම අව­ශ්‍යය. එහිදී පළ­මුව මෙරට ඉන්දි­යාවේ පිළි­ගැ­නීම ලබා ගැනීම ඉතා වැද­ගත්ය. ඉන්දි­යාව ලොව ශීඝ්‍ර­යෙන් සංව­ර්ධ­නය වන රටකි. ආසි­යාවේ බල­වතා වීමට නොඑසේ නම් ලෝක බල­ව­තුන් හා එක්වී­මට නිය­මිත එරට වර්ෂ 2030 පමණ වන­විට ලොව බල­වත්ම ආර්ථි­ක­ය­කට හිමි­කම් කියන රට­වල් තුන අත­රට ද එක්වනු ඇත. මෙර­ටට අති­ශය සමීප දුර­කින් සිටින්නේ එවැනි ලෝක බල­ව­තෙකි.

ඉන්දි­යානු අග­මැ­ති­ව­ර­යාගේ එක් ප්‍රධාන විදෙස් ප්‍රති­ප­ත්ති­යක් වනුයේ අස­ල්වැ­සි­යාට ප්‍රමු­ඛ­තාව යන්නය. ඒ අනුව ඉන්දි­යාවේ ප්‍රමු­ඛ­ත්ව­යක් මෙර­ටට හිමිය. එසේම, නැඟෙ­න­හිර ආසි­යානු, අග්නි­දිග ආසි­යානු, බට­හිර ආසි­යානු, ඉන්දි­යානු විදේශ ප්‍රති­පත්ති අනුව මේ වන විට ඉන්දි­යාව මුළු මහත් ලෝක­යේම මිතු­රෙකි. ඉන්දි­යා­වට අන්ත­ර්ජා­තික වශ­යෙන් එවැනි ශක්ති­මත් මිතුරු රට­වල් රැසකි. එය එසේ වන විට, මෙර­ටට සිටින ප්‍රමු­ඛ­තම, ශක්ති­මත්ම මිතුරා ඉන්දි­යා­වය. ඉන්දි­යානු අග­මැ­ති­ව­රයා ද රාජ්‍ය­තා­න්ත්‍රික වශ­යෙන් ලොව වැඩිම විදෙස් සංචාර ප්‍රමා­ණ­ය­ක­ටත් සහ­භාගි වී ඇත්තෙකි. අමෙ­රි­කාව, රුසි­යාව, යුරෝපා කලා­පය, ජපා­නය, චීනය ආදී රට­වල් රැසක් ඊට අයත්ය.

ස්වාධීන විදෙස් පිළිවෙත

එසේම, ඉන්දි­යාව කිසි­සේත්ම මෙරට ස්වාධීන විදෙස් ප්‍රති­ප­ත්ති­යට තර්ජ­න­යක් නොවේ. එරට ඊට ගරු කර­න්නකි. මෙහිදී ඉන්දි­යානු කලා­පීය ප්‍රති­ප­ත්තිය අප අව­බෝධ කර ගැනී­මත් ඊට ගරු කිරී­මත් වැද­ගත්ය. එවිට කලා­පීය අන­න්‍ය­තාව රැක ගනි­මින් එම කලා­පීය මිතු­රකු වශ­යෙන් අපට කට­යුතු කළ හැකි වනු ඇත. ඒ ඔස්සේ චීනය, විය­ට්නා­මය, ජපා­නය ආදී වෙනත් රට­වල් කරා ද අපට යා හැකිය. ඒ අතින් බැලු­වද, නොබැඳි විදේශ ප්‍රති­ප­ත්තියේ නිය­මුවා වන්නේ ඉන්දි­යා­වයි.

මේ කොයි අතින් බැලු­වද, ඉන්දි­යාව මෙර­ටට මහඟු අව­ස්ථා­වකි. එය ඓති­හා­සික, සංස්කෘ­තික, දේශ­පා­ල­නික මෙන්ම රාජ්‍ය­තා­න්ත්‍රික වශ­යෙන්ද ස්ථිරය. ඒ අනුව ඉන්දි­යාව සමඟ ඇති කර ගන්නා සියලු සබ­ඳතා එක් අත­කින් දෙරටේ රාජ්‍ය­තා­න්ත්‍රික සබ­ඳතා ශක්ති­මත් කර­වයි. අනෙක් අතින්, ඉන්දු – පැසි­ෆික් සාග­රය තුළ සාමය සඳහා වන උපා­යන්ට ද ඉතා වැද­ගත්ය. එනම්, මේ කලා­පය ලොව සියලු බල­ව­තුන්ගේ අව­ධා­න­යට යොමු වූවකි. ශ්‍රී ලංකාව එහි මර්ම­ස්ථා­න­යකි.

භූගෝ­ලීය, සාග­රික ආදී වශ­යෙන් වැද­ගත් වන උපා­ය­මා­ර්ගික වැද­ග­ත්ක­ම­කින් ඉන්දු පැසි­පික් කලා­පය යුක්තය. ඒ දෙස අමෙ­රි­කාව, චීනය, ඉන්දි­යාව, යුරෝපා සංග­මය, ඔස්ට්‍රේ­ලි­යාව, දකුණු අප්‍රි­කාව, ජපා­නය, බ්‍රසී­ලය ආදිය බලා සිටිති. සැබැ­වින්ම ඔවුන් අද වන විට ලෝක දේශ­පා­ලන ව්‍යුහය වෙනස් කර ඇත. ඒ අනුව ලෝක දේශ­පා­ල­නය තව­දු­ර­ටත් එක තනි රටක ආධි­ප­ත්‍ය­යට නතු කළ නොහැ­ක්කකි. ඒ තුළ මධ්‍යම ප්‍රමා­ණයේ බල­ව­තුන් ගණ­නා­වක් ඉස්මතු වී ඇත. මෙයින් කුඩා රාජ්‍ය­යන්ගේ අවස්ථා වර්ධ­නය වෙයි.

තාක්ෂණික සහාය

ඉන්දි­යාව ඉතා පැහැ­දිලි වශ­යෙන් විවෘත සහ නිද­හස් ඉන්දු පැසි­පික් සාගර කලා­ප­යක් වෙනු­වෙන් පෙනී සිටියි. එසේම එරට කලා­පීය වශ­යෙන් දැවැන්ත ආයෝ­ජන සිදු කරයි. බල­ශ­ක්තිය, ඒ ඔස්සේ විද්‍යා හා තාක්ෂණ, අධ්‍යා­පන ආදී සෑම ක්ෂේත්‍ර­ය­කින්ම ඉන්දි­යා­වට ඉතා ක්ෂණි­කව පහ­සු­කම් සල­සා­දිය හැකිය.

අධ්‍යා­පන ක්ෂේත්‍රය ගත් විටත් ඉන්දි­යාවේ විශාල සංව­ර්ධ­න­යක් දක්නට පුළු­වන. ලක්ෂ්මන් කදි­ර­ගා­මර් මැති­තු­මන් දකුණු ආසි­යානු කලා­ප­යත් සමඟ මෙර­ටට අධ්‍යා­ප­නය පිළි­බඳ ගිවි­සු­මක් ඇති කර ගන්නා ලදී. ඒ හරහා ඉන්දි­යාව ආදී රට­ව­ලින් විදේශ අධ්‍යා­ප­නික ශිෂ්‍යත්ව මෙර­ටට ලැබිණ. තව­දු­ර­ටත් එම අවස්ථා මෝදි අග­මැ­ති­ව­රයා යටතේ වැඩි කර ගැනීමේ හැකි­යාව තිබේ. මෙරට අධ්‍යා­ප­නික, සංස්කෘ­තික සබ­ඳතා ප්‍රව­ර්ධ­න­යට එය රුකු­ලකි.

ඉන්දි­යානු විද්ව­තුන්, තාක්ෂ­ණ­ඥ­යන් සමඟ සහ­යෝ­ග­යෙන් අපට කට­යුතු කළ හැකිය. තොර­තුරු තාක්ෂණ ක්ෂේත්‍ර­යෙන් ඉන්දි­යාව දැවැන්ත සංව­ර්ධ­න­යක් ලබා ඇත. එය අද ලොවම මවිත කර­ව­න්නකි. වැඩිම වෘත්තික ආක­ර්ෂ­ණ­යක් ඇති සිලි­කන් වැලි නිධි ආදී සම්පත් අප සතුය. මෙර­ටට ආර­ක්ෂක, ඩිජි­ට­ල්ක­ර­ණය ආදී විවිධ ක්ෂේත්‍ර ගණ­නා­ව­කින් සහ­යෝ­ගිතා කලා­ප­යක් ඇති කර ගැනීමේ හැකි­යාව ද පව­තියි. ඊට නිවැ­රදි විදේශ ප්‍රති­ප­ත්ති­යක් සකස් කර ගැනීම වැද­ගත්ය. ඒ අනුව ඉන්දි­යානු ප්‍රති­ප­ත්තිය තුළින්ම සංව­ර්ධන උපා­ය­මාර්ග නිර්මා­ණය කර ගැනී­මට මෙර­ටට පුළු­වන.

එසේම, ඉන්දි­යාව මෙර­ටින් අපේක්ෂා කරන්නේ මොන­වාද යන්න ද සාකච්ඡා කළ හැකිය. සැබැ­වින්ම ඉන්දි­යා­වට මෙරට සම්පත් තමන් සතු කර ගැනීම පිළි­බඳ අපේ­ක්ෂා­වන් හෝ ගැටලු ඇතැයි මෙහිදී සිතිය නොහැ­කිය. මෙරට භූමිය අත්පත් කර ගැනීම හෝ මුහුදු කලාප අත්පත් කර ගැනීම පිළි­බඳ ගැටලු ඉන්දි­යා­වට නොවේ. මෙරට වසර 2000කටත් අධික කලක් තිස්සේ ඉන්දි­යානු අස­ල්වැ­සි­යාය. ඇතැම් අව­ස්ථා­වල යම් යම් තත්ත්ව­යන් ඇති වුවද සම­ස්ත­යක් වශ­යෙන් ගත් විට ඉන්දි­යාව හා මෙරට අතර සබ­ඳතා ඉතා සාම­කා­මීය. 1987 වර්ෂ­යේදී ඇතිවූ මත­භේ­ද­කාරි තත්ත්වය සැල­කි­ල්ලට ගත්තද, එහිදී පවා ඉන්දි­යාව මෙරට සාමය පිණිස සාම සාධක හමුදා එවීම හරහා මෙරට ජාතික ප්‍රශ්නය විස­ඳී­මට මැදි­හත් විය.

දෙර­ටෙ­හිම වෙසෙන්නේ එකම සංස්කෘ­තික කලා­ප­යක වෙසෙන එකම සංස්කෘ­තික සත්ත්ව කොට්ඨා­ස­යකි. ඉන්දි­යාව සමඟ සම්බන්ධ වීමට දෙව­රක් සිතිය යුතු නැත.

මේ අනුව ඉන්දි­යාවේ සංව­ර්ධ­නය පිළි­බඳ වඩාත් සතු­ටට පත්විය යුතු අස­ල්වැ­සියා ශ්‍රී ලංකා­වයි. එසේම, එය සමස්ත දකුණු ආසි­යා­වේම දුප්ප­ත්භා­වය නැති කිරීමේ මාර්ග­යක් බවට පත් කර­ගත හැකි වනු ඇත. වෙළෙ­ඳ­පොළ ආර්ථි­ක­යෙන් කිසිම රට­කට බැහැර විය නොහැ­කිය. අපට ද එය එසේ­මය. ඉන්දි­යා­වත් සමඟ අප­න­යන වර්ධ­නය කර ගන්නා අන්දම පිළි­බඳ අපට සාකච්ඡා කළ හැකිය. මත්ස්‍ය සම්පත පිළි­බඳ පවා පොදු එක­ඟ­තා­ව­කට පැමි­ණී­මට පුළු­වන. දෙර­ටට එක්ව විශාල මත්ස්‍ය නිෂ්පා­දන කර්මාන්ත ශාලා­වක් ඇති කළ හැකිය. ඒ හරහා දෙර­ටේම අඩු ආදා­ය­ම්ලා­භින්ට සෙත සැල­සිය හැකිය. සිරි­මාවෝ මැති­නිය යෝජනා කළ ඉන්දි­යානු සාගර සාම කලා­පය පිහි­ටු­වීම ද අප­හසු නොවේ.

මේ අනුව මෙරට ආර්ථි­කය, දූෂණ වංචා­ව­ලින් තොරව යළි ස්ථාපිත කිරීමේ අභි­යෝ­ගය වත්මන් රජය සතුය. වත්මන් ආණ්ඩුවේ ‘ක්ලීන් ශ්‍රී ලංකා’ වැඩ­ස­ට­හ­නෙන් ද අපට පැහැ­දි­ලි­වම මෙරට ආය­තන පද්ධ­තිය ඩිජි­ට­ල්ක­ර­ණය, රාජ්‍ය ආය­ත­න­වල පාර­දෘ­ශ්‍ය­තාව වැඩි කිරීම ආදියේ වැද­ග­ත්කම් ඉස්මතු කෙරේ. ඊට ඉන්දි­යානු විශේ­ෂ­ඥ­තාව අති­ශය වැද­ගත් වේ.

මේ සියල්ල සැල­කි­ල්ලට ගනි­මින්, සාම­කා­මීව කලා­පීය මහා බල­වතා සමඟ එක්ව සංව­ර්ධ­නය කළ­හොත්, ඒ හරහා ගෝලීය ආර්ථි­කයේ විශාල පංගු­වක් අප වෙත නතු කර ගත හැකිය. ජන­ප­ති­ව­රයා නිතර අව­ධා­ර­ණය කරන, ගෝලීය ආර්ථි­කයේ පංගු­වක් අත්පත් කර ගැනීමේ වෑය­මට එය මහඟු මඟකි. එහෙත් ඒ සඳහා මෙරට උපා­ය­මා­ර්ගික වැඩ­පි­ළි­වෙළ හඳුනා ගත යුතු වේ. ඒ අනුව ඉන්දි­යානු ආයෝ­ජන මෙරට ස්ථාපිත කළ­හොත් මෙර­ටට ආර්ථික අර්බු­ද­යෙන් ගැල­වී­මට හැකි වනු ඇත.

ඉන්දියානු ප්‍රතිපත්තිය

නරේන්ද්‍ර මෝදි අග­මැ­ති­ව­රයා ඉස්ලා­මීය ත්‍රස්ත­වා­ද­යට සහ ලෝක ත්‍රස්ත­වා­ද­යට එරෙ­හිව කට­යුතු කර­න්නෙකි. එසේම, ඔහුට බට­හිර, අමෙ­රි­කානු රාජ්‍ය අනු­ග්‍ර­හ­යන් හිමිය. ඒ අනුව ඉලක්ක කරා ගමන් කිරී­මේදී ඉන්දි­යා­වට කලා­පීය සාමය අත්‍ය­ව­ශ්‍යය. එදෙස අප යථා­ර්ථ­වා­දීව බැලිය යුතුය. නොඑසේ නම් විඥා­න­වාදී හෝ රොමෑ­න්ති­කව විදෙස් ප්‍රති­පත්ති විග්‍රහ කිරී­මට ගිය­හොත් විඳී­මට වන විපාක දරුණු විය හැකිය. යුක්‍රේ­නය වැනි රාජ්‍ය­යන් අද අත්වි­ඳින තත්ත්වය ඊට එක් නිද­සු­නකි. රුසි­යානු – යුක්‍රේන ගැට­ලුව දෙස බැලූ විට ඉන්දි­යානු ප්‍රති­ප­ත්තිය ඊට මුළු­ම­නින් වෙනස් බව සඳ­හන් කළ යුතුය. ඉන්දි­යානු ප්‍රති­ප­ත්තිය යටතේ මෙරට ඒකී­ය­තා­වට, ඒකා­ග්‍ර­තා­වට, භෞමික අඛ­ණ්ඩ­තා­වට සැමදා ගරු කරන ලදී.

එසේම, ඉන්දි­යාව ශ්‍රී ලංකාව වෙනු­වෙන් පෙනී සිටි රාජ්‍ය­යකි. ඒ බව ඉන්දි­යානු අග­මැ­ති­ව­රු­න්ගෙන් කව­දත් දක්නට ලැබුණු දෙයකි. එය විශේෂ ඓති­හා­සික තත්ත්ව­යකි. සිරි­මාවෝ බණ්ඩා­ර­නා­යක – ඉන්දිරා ගාන්ධි සබ­ඳ­තාව ඊට උදා­හ­ර­ණ­යකි. එය එළැඹ තිබෙන දිසා­නා­යක – මෝදි යුගය දෙස ද ඒ අනුව බලා­පො­රො­ත්තු­ස­හ­ග­තව බැලිය හැකිය. මේ හරහා නැවත ශ්‍රී ලංකාවේ දේශ­පා­ල­නය, රාජ්‍ය­තා­න්ත්‍රික ඉති­හා­සය වෙනස්ම මාන­ය­කින් අර්ථ දක්වනු ඇත.

ඉන්දි­යාව කිසි­වි­ටෙ­කත් ගෝලීය බල ගැටු­ම­කට ඉඩ නොත­බන රාජ්‍ය­යකි. ඒ වාසිය ඇතු­ළුව මේ සියල්ල හරහා ශ්‍රී ලංකාව යනු ඉන්දි­යාවේ විශි­ෂ්ට­තම මිතු­රාය යන්න අප තහ­වුරු කර ගත යුතුය. කුඩා රාජ්‍ය­යක් වශ­යෙන් අපට ලෝක­යට හොඳ හිත, සාමය පිළි­බඳ දැක්ම ඉදි­රි­පත් කළ හැකියි. ඒ, සාම­කාමී, ප්‍රජා­ත­න්ත්‍ර­වාදී රාජ්‍ය­යක් වශ­යෙනි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT