Tuesday, April 8, 2025
Home » ඉන්දි­යාව, මෝදි සහ කලා­පීය සහ­යෝ­ගි­තාව

ඉන්දි­යාව, මෝදි සහ කලා­පීය සහ­යෝ­ගි­තාව

by damith
April 7, 2025 4:00 pm 0 comment

අස­ල්වැසි ඉන්දි­යාව කලා­පීය භූගෝ­ලීය බල දේශ­පා­ල­නය තුළ ඉතා බල­වත්ම හා ප්‍රබ­ල­තම සාධ­ක­යක් වෙයි. මේ නිසා ඉන්දි­යාව ‘කලා­පීය බල­වතා’ ලෙස ද හැඳි­න්විණි. එමෙන්ම කලා­පීය බල දේශ­පා­ල­නයේ ‘ලොකු අයියා’ ලෙස ඉන්දි­යාව හැඳි­න්වූයේ ද එහි ඇති බල­ස­ම්ප­න්න­භා­වය හේතු­කො­ට­ගෙ­නය.

කාලා­න්ත­ර­යක් තිස්සේ අප ඉගෙන ගත් දේශ­පා­ල­නික, න්‍යායික මූල­ධර්ම තුළ ඉන්දීය බල දේශ­පා­ල­නයේ වැද­ග­ත්කම සහ එහි තීර­ණා­ත්මක බල­පෑම ඉතා මැන­වින් සට­හන් විය. එහෙත් දේශ­පා­ල­නික සන්ද­ර්භය තුළ කරුණු විග්‍රහ කර­ගත යුත්තේ කාලා­නු­රූපී ලෙස ය. එනම්: තත්ත්ව­යන්ට හා අව­ස්ථා­වන්ට සාපේක්ෂ ලෙස ය.

ගෝලීය බල දේශ­පා­ල­නයේ පැරණි උප­ක්‍රම හා න්‍යායන් අදට ද එලෙ­සින්ම වලංගු නොවිය හැකි ය. ඒවා අව­බෝධ කොට ගැනීම හා විග්‍රහ කර ගැනීම සිදු කර­ගත යුත්තේ දේශ­පා­ල­නික යාව­ත්කා­ලීන වීම තුළ ය. මේ මොහොතේ ඉන්දි­යා­වට, චීන­යට හෝ අමෙ­රි­කා­වට ස්වකීය බල ආධි­ප­ත්‍යය තනි රට­කට හෝ කලා­ප­ය­කට යට­ත්වි­ජිත ස්වරූ­ප­ය­කින් පව­ත්වා­ගත හැකි යැයි කල්පනා කළ නොහැ­කිය.

මේ මොහොතේ ශ්‍රී ලාංකේය බල දේශ­පා­ල­නය තුළ ඉතා තීර­ණා­ත්මක දේශ­පා­ල­නික සාධ­කය වී ඇත්තේ ඉන්දීය අග­මැති නරේන්ද්‍ර මෝදිගේ පැමි­ණීම සහ ඒ සමඟ අත්සන් කරනු ලබන ගිවි­සුම් පිළි­බ­ඳව ය. ඒ පිළි­බඳ ධනා­ත්මක සහ නිෂේ­ධ­නා­ත්මක ආකල්ප රැසක් සමා­ජ­ග­තව තිබේ. එහෙත් එය පුරෝ­ක­ථ­නය කිරී­මට අව­ස්ථාව මේ යැයි අපි කල්පනා නොක­රමු. ප්‍රායෝ­ගික සමාජ, දේශ­පා­ල­නික තත්ත්වය හමුවේ එයට නිශ්චිත පිළි­තුරු ලැබීම ඊට හේතු­වයි.

ඉන්දීය අග­මැති නරේන්ද්‍ර මෝදි මෙවර ශ්‍රී ලංකා­වට පැමි­ණෙන්නේ සිවු­වැනි වතා­ව­ටය. ඔහු මෙරටට සෑම අව­ස්ථා­ව­කම මේ ආකා­රයේ සමාජ ප්‍රති­වි­රෝ­ධතා ගොඩ­නැ­ඟුණු බව ඉති­හා­සය පරීක්ෂා කිරී­මේදී හඳු­නා­ගත හැකිය.

1960 සිට ගත වූ වසර 65ක් තුළ ඉන්දීය අග්‍රා­මා­ත්‍ය­ව­රුන් 8 දෙනකු ශ්‍රී ලංකා­වට පැමිණ ඇත. 1962දී ඉන්දි­යාවේ අග්‍රා­මාත්‍ය ශ්‍රී ජව­හ­ර්ලාල් නේරු ලංකා­වට පැමිණ ඇති අතර, 1973දී ඉන්දීය අග­මැ­තිනි ඉන්දිරා ගාන්ධි ද මෙරට සංචා­රය කොට තිබේ. ඇය සහ හිටපු අග්‍රා­මාත්‍ය දිවං­ගත සිරි­මාවෝ බණ්ඩා­ර­නා­යක අතර ඉතා යහ­පත් රාජ්‍ය­තා­න්ත්‍රික සබ­ඳ­තා­වක් පැවති බව­ටත්, එය ශ්‍රී ලාංකේය සමාජ දේශ­පා­ල­නය හිත­කර දිශා­වට යොමු කළ බව­ටත් ඉති­හා­සය සාක්ෂි දරයි. 1979දී එව­කට ඉන්දීය අග්‍රා­මාත්‍ය මොරාජි දේසායි ශ්‍රී ලංකාවේ සංචා­රය කළ අතර, 1987දී ඉන්දීය අග්‍රා­මාත්‍ය රජීව් ගාන්ධි ද ශ්‍රී ලංකාවේ සංචා­රය කොට තිබේ. සුප්‍ර­කට ඉන්දු ලංකා ගිවි­සුම අත්සන් කිරීම ද, නාවික හමුදා භට­යකු විසින් රජීව් ගාන්ධිට පහර දීමේ සිද්ධිය ද වාර්තා වූයේ ඒ අව­ස්ථා­වේ­දීය. 1991දී ඉන්දීය අග­මැති නර­සිම්හ රාඕ ශ්‍රී ලංකාවේ සංචා­රය කර ඇති අතර, 1998දී අතල් බිහාර් වජ්පායි සාර්ක් රාජ්‍ය නායක සමු­ළු­ව­ලට සම්බන්ධ වීම සඳහා මෙර­ටට පැමිණ තිබේ. 2008දී ඉන්දීය අග්‍රා­මාත්‍ය ආචාර්ය මන් මෝහන් සිං 15වැනි සාර්ක් රාජ්‍ය නායක සමු­ළු­වට සම්බන්ධ වීම සඳහා ශ්‍රී ලංකා­වට පැමි­ණි­යේය. ඉක්බිති, අග්‍රා­මාත්‍ය නරේන්ද්‍ර මෝදි ද මීට පෙර අවස්ථා තුන­කදී ම ශ්‍රී ලංකාවේ සංචා­රය කොට තිබේ.

එසේ නම් සෑම ඉන්දීය අග්‍රා­මා­ත්‍ය­ව­ර­ය­කුම ශ්‍රී ලංකා­වට පැමිණ ඇත්තේ ගිවි­සුම් අත්සන් කිරී­මට නොවන බව පැහැ­දිලි ය. රාජ්‍ය­තා­න්ත්‍රික මට්ට­මින් සිදු කරනු ලබන ගනු­දෙනු ද්වීපා­ර්ශ්වීය වශ­යෙන් වැද­ගත් වන බව අප අව­බෝධ කොට­ගත යුතු ය. එසේ නැතිව, තේ කෝප්පයේ කුණාටු දකින තත්ත්වය තුළ සියල්ල විග්‍රහ කර ගැනී­මට යෑම එක්තරා ආකා­ර­ය­කින් අදේ­ශ­පා­ල­නි­කය.

ඉන්දි­යාව සහ ශ්‍රී ලංකාව අතර ඇති සංස්කෘ­තික, ආග­මික, භාෂා­මය දැනුම හුව­මාරු කර­ගැ­නීම සහ ආධ්‍යා­ත්මික සම්බ­න්ධ­තා­වල ඉති­හා­සය වසර 2,500කට වඩා ඈතට දිව­යයි. ප්‍රාග් බෞද්ධ යුගයේ පවා මෙරට සහ භාර­තය අතර දියුණු වෙළෙ­ඳාම් ක්‍රම­වේ­ද­යක් පැව­තුණු බවට සාක්ෂි ඇති අතර, මිහිඳු හිමි­යන්ගේ ලංකා­ග­ම­න­යෙන් එය තව­දු­ර­ටත් තහ­වුරු වී තිබේ. කලා­පීය දේශ­පා­ල­නය තුළ ඉන්දි­යාව සහ ශ්‍රී ලංකාව අතර පවත්නා මේ සාම්ප්‍ර­දා­යික මිත්‍ර­ත්වය දෙරට විසින්ම යළි තහ­වුරු කර­ගැ­නීම අත්‍ය­වශ්‍ය කාර­ණ­යකි. දියුණු ඩිජි­ටල් තාක්ෂ­ණික ලෝක­යේදී අප ප්‍රවේශ වී ඇත්තේ එවන් සන්ද­ර්භ­ය­කට ය. ශ්‍රී ලාංකේය ජන­තාව වෙත දක්වන ලද මිත්‍ර­ත්වය සහ සහ­යෝ­ගි­තාව අග­ය­මින්, ඉන්දීය අග්‍රා­මාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා වෙත ‘ශ්‍රී ලංකා මිත්‍ර විභූ­ෂණ’ සම්මා­නය පිරි­නැ­මූයේ එහි එක් පිය­ව­රක් ලෙසය. එය ශ්‍රී ලංකාව සහ ඉන්දි­යාව අතර ‘සිය­වස් මිතු­ද­මක සෞභා­ග්‍ය­වත් අනා­ග­ත­යට බැඳී­මක්’ ලෙස ද නම් කෙරිණි. ඒ අතර ආර­ක්ෂක සහ­යෝ­ගි­තාව, සෞඛ්‍ය සහ­යෝ­ගි­තාව, ඩිජි­ටල් සහ­යෝ­ගි­තාව ඇතුළු ගිවි­සුම් රැස­කට ද අත්සන් තැබිණි.

එබැ­වින් කලා­පීය භූ දේශ­පා­ල­නය තුළ තත්ත්ව­යන් හඳුනා ගැනී­මේදී සහ නිර්ණා­යක තෝරා ගැනී­මේදී පක්ෂ රේඛා සහ බෙදුම් ඉරි­ව­ලින් ඔබ්බට ගොස්, මත­වාදී සීමාවේ ගැටු­ම්කාරී සාධ­ක­ව­ලින් දේශ­පා­ල­නය විග්‍රහ කර නොගෙන, සැකය හා අවි­ශ්වා­සයේ නිර්ණා­යක මත තීන්දු තීරණ නොගෙන, විචාර බුද්ධි­යෙන්, අව­බෝ­ධ­යෙන් කට­යුතු කිරීම අත්‍ය­වශ්‍ය කාර­ණ­යක් වනු ඇත.

මෙහිදී ශ්‍රී ලාංකේය දේශ­පා­ල­නය තුළ ඉන්දීය සාධ­කය, චීන සාධ­කය, මෙන්ම අමෙ­රි­කානු සාධ­කය ද වඩා විචා­ර­ශීලී ආකා­ර­යෙන් හසු­රුවා ගැනීමේ දේශ­පා­ල­නික අව­බෝ­ධය සහ බුද්ධිය වර්ත­මාන ආණ්ඩුව සතුව ඇතැයි අපි අපේක්ෂා කරමු.

එනි­සාම එක් රාජ්‍ය නාය­ක­ය­කුගේ එක් රාජ්‍ය­තා­න්ත්‍රික සංචා­ර­ය­කින් ශත වර්ෂ­ය­කට එහා ගිය දේශ­පා­ල­නික උප­ක­ල්පන හා තීන්දු තීර­ණ­ව­ලට පැමි­ණී­මෙන් වළ­කි­න්නැයි ඒ පිළි­බඳ විරෝ­ධය දක්ව­න්න­න්ගෙන් ඉල්ලා සිටී­මට අපි කැමැ­ත්තෙමු.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT