Tuesday, April 8, 2025
Home » මෙරට ජනගහනය ගැන හෙළිවූ අලුත්ම තොරතුර

මෙරට ජනගහනය ගැන හෙළිවූ අලුත්ම තොරතුර

by chanaka
April 7, 2025 9:08 pm 0 comment

ශ්‍රී ලංකාවේ ජනගහනය පුද්ගලයන් 21,763,170 ක් බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසයි.

එම දෙපාර්තමේන්තුව සදහන් කරනුයේ ශ්‍රී ලංකාවේ ජනගහනය 2012 වසරේ සංගණයෙන් වාර්තා වූ පුද්ගලයන් සංඛ්‍යාවට වඩා මෙවර සංගණනයේදී 1,403,731 ක වැඩිවීමක් ප්‍රදර්ශනය කරන බවත් 2012 සහ 2014 කාලය තුළ ජනගහනයේ සාමාන්‍ය වාර්ෂික වර්ධන අනුපාතය සියයට 0.5 ක් බවත් ය.

ශ්‍රී ලංකාවේ ජනගහණයෙන් ඉහළතම කොටස වන 28.1% ක් බස්නාහිර පළාතේ ජීවත්වන සිටින අතර අඩුම සංඛ්‍යාව වන 5.3% ක් උතුරු පළාතේ පදිංචිව සිටින බවත් ගම්පහ දිස්ත්‍රික්කයේ පදිංචිව සිටින 2,433,685 දිස්ත්‍රික්කයක සිටින ඉහළතම පුද්ගලයන් සංඛ්‍යාව වන අතර කොළඹ දිස්ත්‍රික්කයේ ජනගහණය 2,374,461 ක් බවත් එම දෙපාර්තමේන්තුව සිය නවතම දත්තයන් අනුව පෙන්වා දෙයි.

මෙම දිස්ත්‍රික්ක දෙකට හැරුණු විට පෙර සංගණනවලදී මෙන්ම මෙවරද වැඩි ජනගහනයන් පිළිවෙළින් කුරුණෑගල 1,760,829, මහනුවර 1,461,269, කළුතර 1,305,552, රත්නපුර 1,145,138 සහ ගාල්ල 1,096,585 යන දිස්ත්‍රික්කවලින් වාර්තා වී තිබෙන බව සදහන්වේ.

එමෙන්ම දිවයිනේ ජනගහනය අඩු දිස්ත්‍රික්ක ලෙස පෙර සංගණනයන්වලට අනුවම උතුරු පළාතේ මුලතිව් 122,542, මන්නාරම 123,674, කිළිනොච්චි 136,434 සහ වවුනියා දිස්ත්‍රික්කයේ 172,257ක් ලෙසද වාර්තා වී තිබේ.

මේ අතර වැඩිම සාමාන්‍ය වර්ධන වේගයක් වාර්තා වී ඇත්තේ මුලතිව් දිස්ත්‍රික්කයෙන් වන අතර එය 2.23ක් ලෙසද සටහන් වී තිබුණි.

අවම සාමාන්‍ය වාර්ෂික වර්ධන වේගයක් වාර්තා වී ඇත්තේ වවුනියා දිස්ත්‍රික්කයෙන් වන අතර එය 0.001ක් ලෙසද වාර්තා වී තිබේ.

එමෙන්ම පෙර සංගණවලදී මෙන්ම මෙවරද වර්ග කිලෝමීටරයකට පුද්ගලයින් 3,549ක් වූ වැඩිම ජනගහන ඝනත්වයක් වාර්තා වී ඇත්තේ කොළඹ දිස්ත්‍රික්කයෙන් වන අතර අවම ජනගහන ඝනත්වයක් වාර්තා වී ඇත්තේ මුලතිව් දිස්ත්‍රික්කයෙනි.

එය වාර්තා වී ඇත්තේ ජනගහන ඝනත්වය වර්ග කිලෝමීටරයකට පුද්ගලයින් 50ක් ලෙසයි.

ජන හා නිවාස සංගණනයේ (2024) මූලික වාර්තාවෙන් ශ්‍රී ලංකාවේ ජනගහනය මෙසේ යාවත්කාලීන කළ බවත් එම සංගණනයේ මූලික වාර්තාව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට භාරදුන් බවත් එම දෙපාර්තමේන්තුව වැඩි දුරටත් පැවසීය.

 

 

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT