Tuesday, April 8, 2025
Home » විදෙස් සංචිතය ප්‍රමාණය ඩොලර් බිලියන හයහමාර පනියි

විදෙස් සංචිතය ප්‍රමාණය ඩොලර් බිලියන හයහමාර පනියි

by chanaka
April 7, 2025 9:02 pm 0 comment

ශ්‍රී ලංකා මහ බැංකුව සතු නිල සංචිත වත්කම් ප්‍රමාණය, 2025 මාර්තු මාසය අවසානයේ දී එක්සත් ජනපද ඩොලර් බිලියන 6.51ක් දක්වා ඉහළ ගොස් ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව නවතම දත්ත වාර්තා පෙන්වා දෙයි.

මෙය 2025 පෙබරවාරි මාසයේ දී වාර්තා වූ ඩොලර් බිලියන 6.08 හා සැසඳීමේ දි 7.1%ක ඉහළ යාමකි.

මේ අතර ශ්‍රී ලංකා මහ බැංකුවේ දත්ත වාර්තා වැඩිදුරටත් පෙන්වා දෙන්නේ 2025 මාර්තු මාසය තුළ දී මිලියන 401.9ක ඩොලර් ප්‍රමාණයක් දේශීය විදේශ විනිමය වෙළෙඳපොළෙන් මිල දී ගැනීමට ශ්‍රී ලංකා මහ බැංකුව කටයුතු කර ඇති බවයි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT