ශ්‍රී ලාංකික බොලිවුඩ් නිළි ජැකලින් ෆර්නැන්ඩස්ගේ මව වන කිම් ෆර්නැන්ඩස් මියගොස් තිබේ.
විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ ආඝාතය තත්ත්වය හමුවේ පීඩා විඳිමින් සිටියදී ඇය ඊයේ(06) මියගොස් ඇති බවයි.
එම රෝගී තත්ත්වය උත්සන්න වීම හේතුවෙන් කිම් ෆර්නැන්ඩස් මාර්තු 24වැනිදා රෝහල්ගත කර පසුව දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කර තිබේ.
බහරේනයේ මනමා හි පදිංචිව සිටි කිම් ෆර්නැන්ඩස් මීට පෙර 2022 දී ද මෙවැනිම රෝගී තත්ත්වයකට මුහුණ දී ඇති අතර එම අවස්ථාවේදීත් ඇය බහරේනයේ රෝහලකට ඇතුළත් තිබිණි.
කිම් ෆර්නැන්ඩස් මැලේසියානු සහ කැනේඩියානු සම්භවයක් ඇති කාන්තාවක්වන අතර ඇය බහරේනයේ ගුවන් සේවිකාවක් ලෙස කටයුතු කර තිබේ.
ජැකලින් සිය මවගේ අසාධ්‍ය තත්ත්වය හේතුවෙන්,මෑතකදී ගුවහාටි හි පැවති IPL සමාරම්භක උත්සවයේදී ඇගේ රංගන සහභාගීත්වය ද මඟ හැර තිබුණි.