Tuesday, April 8, 2025
Home » පුංචි ඡන්දයේ තැපැල් ඡන්ද පත්‍රිකා අද තැපෑලට භාර දෙයි

පුංචි ඡන්දයේ තැපැල් ඡන්ද පත්‍රිකා අද තැපෑලට භාර දෙයි

by yasara
April 7, 2025 9:31 am 0 comment

පළාත් පාලන ආයතන 114කට අයත් තැපල් ඡන්ද අඩංගු රක්ෂිත පැකට් අද (07) තැපැල් දෙපාර්තමේන්තුවට භාරදීමට කටයුතු කරන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

අධිකරණ ක්‍රියාවලියෙන් අනතුරුව අනෙකුත් පළාත් පාලන ආයතනයන්හි තැපල් ඡන්ද පත්‍රිකා බෙදාහැරීමට අවශ්‍ය කටයුතු සිදු කරන බව සභාපති ආර්. එම්. එල්. ඒ රත්නායක සඳහන් කළේය.

මේ අතර පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළ තැපැල් ඡන්ද අඩංගු රක්ෂිත පැකට් තැපෑල වෙත භාරගැනීම සඳහා මේ වන විට සියලු කටයුතු සූදානම් බව තැපැල්පති රුවන් සත්කුමාර ප්‍රකාශ කළේය.

මේ අතර පළාත් පාලන ඡන්ද විමසීම අවසන් වන තෙක් සියලුම තැපැල් සේවකයන්ගේ නිවාඩු අවලංගු කර ඇති බව තැපැල් දෙපාර්තමේන්තුව පවසයි.

ඒ අනුව අද (06) සිට ක්‍රියාත්මක වන පරිදි එම නිවාඩු අවලංගු කිරීම සිදු කරන බව වාර්තා වෙයි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT