වසර 6කට පසු මහනුවර ක්‍රීඩා සමාජයත්, වසර දෙකකට පසු සීආර් ඇන්ඩ් එෆ්සී ක්‍රීඩා සමාජයත් ජයග්‍රහණය හඹා යන ක්ලිෆර්ඩ් කුසලාන පිළිමලුන් පිටුදැකීමේ රග්බි තරගාවලියේ අවසන් මහා තරගය ඉරිදා (6) පස්වරුවේ නිත්තවෙල ක්‍රීඩාංගණයේදී පැවැත්වේ. මෙවර තරගාවලියේ අවසන් පූර්ව තරගයෙන් සීඑච් ඇන්ඩ් එෆ්සී ක්‍රීඩා සමාජය ලකුණු 38-21කින් පරාජය කරමින් වත්මන් ලීග් ශූර මහනුවර පිල අවසන් තරගයට සුදුසුකම් ලැබූ අතර, සීආර් පිල අවසන් තරගයට එක්වූයේ හැව්ලොක් ක්‍රීඩා සමාජයට එරෙහිව ලකුණු 25-24ක තියුණු ජයක් වාර්තා කරමිනි.
සියවසකට අධික ඉතිහාසයකට හිමිකම් කියන ආසියාවේ පැරණිතම රග්බි තරගාවලිය වන ‘ක්ලිෆර්ඩ් කුසලාන’ පිළිමලුන් පිටුදැකීමේ තරගාවලියේදී අවසන් වරට 2018 දි කුසලානය දිනු මහනුවර පිලත්, වසර 2023 දී අවසන් වරට කුසලානය දිනූ සීආර් මෙවර අවසන් තරගයේදී කරට කර සටනක නිරත වනු ඇත. ලීග් තරගාවලියේ එකම අපරාජිත කණ්ඩායම ලෙස සටන්කාමී ක්‍රීඩා විලාශයක නිරතවූ මහනුවර ක්‍රීඩකයන්ට මෙවර ක්ලිෆර්ඩ් කුසලානය ජයගැනීමට දස්කම් ප්‍රමාණවත් වනු ඇතැයිද, නිත්තවෙල පැවැත්වෙන බැවින් අතිරේක වාසියක් හිමිවනු ඇතැයි ද අනාවැකි පළවී තිබේ.