70
අයිසීසී විස්සයි20 පන්දු යවන්නන් ශ්‍රේණිගත කිරීම්වල පෙරමුණ හිමිකර ගැනීමට නවසීලන්ත වේග පන්දු යවන ක්‍රීඩක ජේකබ් ඩෆී සමත් විය.
සිය ක්‍රිකට් දිවියේ ශ්‍රේණිගත කිරීම්වල ඉහළම ලකුණු (723) සමඟ ඩෆී පෙරමුණ ගැනීමත් සමඟ පළමු ස්ථානයේ සිටි අකීල් හොසේන් දෙවැනි ස්ථානයට වැටිණි. ඩෆී 5 වැනි ස්ථානයේ සිට පළමු ස්ථානයට පිවිසි අතර, ඒ සමඟ සිවුවැනි තැන සිටි ශ්‍රී ලංකා දඟ පන්දු යවන ක්‍රීඩක වනිඳු හසරංගට 5 වැනි ස්ථානය දක්වා පහත වැටීමට සිදු විය. මහීෂ් තීක්ෂණ 8 වැනි ස්ථානයේම රැඳී සිටියි.