ඉතිහාසය යනු සරල රේඛීයව ගමන් ගමන් ගන්නා ක්‍රියාදාමයක් නොවේ. එහෙත් කෙනෙකුට අවශ්‍ය නම් සරල රේඛීය ආඛ්‍යානයක් ලෙස ලිවිය හැකි ය. ලිවීම සඳහා බලය හිමි පංතිය හෝ කණ්ඩායම් විසින් එය තම අභිමතය පරිදි ලියනු ලැබිය හැකි ය. පසු කාලීන පරම්පරාවන්ට සැබවින්ම සිදුවූයේ එයැමයි, එය එසේමයි උගන්වනු ඇත. ප්‍රශ්න කිරීමකින් තොරව දේවල් පිළිගන්නා පොදු ජනයාට එය සාමාන්‍යකරණය වනු ඇත.
එහෙත් අප අමතක නොකළ යුතු දෙයක් තිබේ. එනම් දේවල් සිදුවන්නේ හුදු අහම්බයන් ලෙස හෝ හුදකලා සංසිද්ධි ලෙස නොවන බව ය. ඒ් සඳහා බලපාන මනෝමූලික හා විෂය මූලික තත්ත්වයන්, ආර්ථික-සමාජ-දේශපාලනික-සංස්කෘතික කොන්දේසි කිසිසේත්ම නොතකා හළ හැකි නොවේ. අනෙක් අතට භූගෝලීය සීමාවන් අභිබවා යන ප්‍රාග්ධන සබඳතා ජාතික රාජ්‍යයෙන් ඔබ්බෙහි අපගේ අනන්‍යතාව සලකුණු කිරීම ආරම්භ කර දශක කිහිපයක් ගොවී ගොස් අවසන් ය.
වසර 54ට පෙර 1971 අප්‍රේල් 05 වන දින සටහන් කෙරුණු අරගලය අමතක නොකළ යුත්තෙත්, යළි යළිත් කියැවිය යුත්තෙත් විවෘත මනසකිනි.
මන්ද යත්, ඉතිහාසය පෙර අසුන් පනවා තබන්නේ නැත.