ඉදිරි වසර දෙකක කාලසීමාව තුළ ශ්‍රී ලංකා ක්‍රිකට් පරිපාලනය මෙහෙයවීමේ වගකීම යළිත් ශම්මි සිල්වා මහතා වෙත පැවරීමට ක්‍රිකට් සාමාජික සංගම් ඒකමතිකව තීරණය කරයි. අඛණ්ඩව 4 වැනි වරටත් ශම්මි සිල්වා මහතා ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ධුරයට තේරී පත්වූ අතර එලෙස අඛණ්ඩව වැඩි කලක් සාමාජික විශ්වාසය දිනාගත් එකම සභාපතිවරයා ද ඒ මහතා විය.
ඒ අනුව මේ වසරේ සිට වසර 2027 දක්වා ශ්‍රී ලංකා ක්‍රිකට් පාලනය කිරීමේ බලය ඒ මහතාට හිමිවනු ඇත.
ආසියානු ක්‍රිකට් සම්මේලනයේ සභාපති ලෙස කටයුතු කරන ශම්මි සිල්වා මහතා ශ්‍රී ලංකා ක්‍රිකට් මුල් පුටුවට සීසීසී ක්‍රීඩා සමාජයෙන් නාමයෝජනා ලබා දුන් අතර, එස්එස්සී ක්‍රීඩා සමාජයේ සමන්ත දොඩන්වල හා සැරසන්ස් ක්‍රීඩා සමාජයේ ජයන්ත ධර්මදාස යන මහත්වරු සිය නාමයෝජනා ඉල්ලා අස්කර ගත්හ.
කොළඹ තරු පහේ හෝටලයකදී ඊයේ පැවති නිලවරණයේදී ශ්‍රී ලංකා ක්‍රිකට් ලේකම් තනතුරට බන්ධුල දිසානායක මහතා පත්විය.
ශ්‍රී ලංකා ක්‍රිකට් නිල මඩුල්ල මෙසේය:
සභාපති – ශම්මි සිල්වා, උප සභාපතිවරු – රවීන් උදයප්‍රිය වික්‍රමරත්න, ජයන්ත ධර්මදාස, ලේකම් – බන්ධුල දිසානායක, භාණ්ඩාගාරික – සුජීව ක්‍රිෂාන්ත ගොඩලියද්ද, උප ලේකම් – ක්‍රිෂාන්ත කපුවත්ත, උප භාණ්ඩාගාරික – ලසන්ත සදානන්ද වික්‍රමසිංහ,