Home » ගස්පේ විදුහල් බිමේ වෛද්‍ය කඳවුරට 350කට වැඩි පිරිසක්

ගස්පේ විදුහල් බිමේ වෛද්‍ය කඳවුරට 350කට වැඩි පිරිසක්

by sachintha
April 1, 2025 4:07 pm 0 comment

 

ගස්පේ සමගි වැඩිහිටි සංවිධානය ප්‍රමුඛ ප්‍රජා සංවිධාන එකමුතුව සංවිධානය කළ වෛද්‍ය කඳවුර පසුගියදා ගස්පේ විදුහල් බිමේදී පැවැත්විණි.

වේයන්ගොඩ, වැන්ගාඩ් සිංහ සමාජය, දිවුලපිටිය සුවසවිය පෞද්ගලික රෝහල ඇතුළු සංවිධාන මේ සඳහා අනුග්‍රහය දක්වා තිබේ. සීනි, කොලොස්ටරෝල්, රුධිර පීඩනය, ඊ.සී.ජී., පෙණහලු, රක්තහීනතාව, අක්ෂි සායන සඳහා විශේෂඥ වෛද්‍යවරුන් සහභාගී වූ අතර, 350කට වැඩි පිරිසක් මෙහිදී ප්‍රතිකාර ලබා ගැනීම විශේෂත්වයක් විය. ආයුර්වේද වෛද්‍ය සායනයක් ද මීට සමගාමීව පැවැත්විණි.

කොටදෙණියාව සමූහ එම්. පුෂ්පකුමාර

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT