Home » පෙතියාගොඩ ගබඩාවක ගුල්ලන්-පණුවන් සහිත පාන් පිටි

පෙතියාගොඩ ගබඩාවක ගුල්ලන්-පණුවන් සහිත පාන් පිටි

by sachintha
April 1, 2025 4:06 pm 0 comment

කැලණිය, පෙතියාගොඩ ප්‍රදේශයේ මහා පරිමාණ ගබඩාවක් පරීක්ෂා කර ගුල්ලන් සහ පණුවන් සහිත පාන් පිටි තොගයක් අත්අඩංගුවට ගත් බව පාරිභෝගික කටයුතු අධිකාරියේ ගම්පහ විමර්ශන ඒකකය පැවසීය.

විමර්ශන ඒකකය සඳහන් කළේ, එම අධිකාරියට ලද තොරතුරක් මත මෙම ගබඩාව පරීක්ෂාවට ලක් කළ අවස්ථාවේදී වෙළෙඳපොළට නිකුත් කිරීමට සූදානම් කොට තිබූ ආහාර ද්‍රව්‍ය සමඟ ගබඩා කර තිබූ මෙම පාන් පිටි කිලෝග්‍රෑම් 48,000ක තොගය අත්අඩංගුවට ගත් බවයි. මේ සම්බන්ධයෙන් මහර මහේස්ත්‍රාත් අධිකරණය වෙත කරුණු වාර්තා කිරීමෙන් අනතුරුව ඉදිරි පියවර ගැනීමට නියමිත බව විමර්ශන ඒකක නිලධාරියෙක් සඳහන් කළේය.

ගම්පහ අතිරේක

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT