Home » චීන ආධාරයෙන් ඉදිවන මහල් නිවාස යෝජනා ක්‍රමයේ වැඩ අරඹයි

චීන ආධාරයෙන් ඉදිවන මහල් නිවාස යෝජනා ක්‍රමයේ වැඩ අරඹයි

by sachintha
April 1, 2025 4:06 pm 0 comment

චීන රජයේ ආධාර මත පෑලියගොඩ නගර සභා බල ප්‍රදේශයේ පදිංචි අඩු ආදායම්ලාභී පවුල් හයසිය පහළොවක් සඳහා පෑලියගොඩ රෝහණ විහාර පෙදෙසේ ඉදිකෙරෙන මහල් නිවාස යෝජනා ක්‍රමයේ ඉදිකිරීමේ කටයුතු නිල වශයෙන් ආරම්භ කිරීම පසුගිය 28 වැනිදා උදෑසන සුබ මොහොතින් සිදු විය.

මහා සංඝරත්නයේ සෙත්පිරිත් සජ්ඣායනය මැඳ චීන ජාතික ඉංජිනේරුවන් සහ අධීක්ෂණ නිලධාරීන් එක්ව රතිඤ්ඤා දල්වමින් සතුට සැමරූ අතර, සුබ මොහොතින් යන්ත්‍රානුසාරයෙන් පොළොව සකස් කිරීමේ කටයුතු ආරම්භ කෙරිණි. නාගරික සංවර්ධන අධිකාරියේ අධීක්ෂණය මත මෙම නිවාස යෝජනා ක්‍රමය සඳහා අක්කර තුනක පමණ භූමියක තට්ටු පහළොවකින් සමන්විත ගොඩනැඟිලි දෙකක් ඉදිවන අතර, නිවාස හයසිය පහළොවකින් මෙම ව්‍යාපෘතිය සමන්විත යැයි චීන ජාතික ඉංජිනේරුවරු සඳහන් කළහ. ඔවුන් වැඩිදුරටත් කියා සිටියේ, ස්ථීර නිවහනක් නොමැති තෝරාගත් අඩුආදායම්ලාභී පවුල් හයසිය පහළොවක් වෙනුවෙන් ඉදිවන මෙම එක් නිවෙසක් නිදන කාමර දෙකක්, මුළුතැන්ගෙය, සාලය, කෑම කාමරය, ඉස්තෝප්පුව සහ නාන කාමරයකින් සමන්විත බවයි.

 

රාගම සමූහ – කේ.එස්. හැන්නදි

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT