මුල්ලේරියාව පොලිස් වසමට අයත් මල්පුර ක්‍රීඩාංගණය කෙළවරේ පිහිටි කුඩා ලෑලි නිවෙසකදී මත් කරල් සහ අයිස් මත්ද්‍රව්‍ය අලෙවි කරන ජාවාරම්කරුවකු අත්අඩංගුවට ගැනීමට මුල්ලේරියාව පොලීසිය සමත්ව තිබේ.
මේ සම්බන්ධයෙන් මුල්ලේරියාව පොලීසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක මිලන්ත ද සිල්වා මහතාට ලද තොරතුරක් මත වැටලීම් අංශයේ ස්ථානාධිපති පොලිස් සැරයන් ආනන්ද ඇතුළු නිලධාරීන් පිරිසක් අදාළ නිවෙස වටලන අවස්ථාවේදී මත්ද්‍රව්‍ය පාවිච්චි කිරීම සඳහා පැමිණ සිටි තරුණයන් හතර දෙනකු ද මත්ද්‍රව්‍ය සමඟම අත්අඩංගුවට ගෙන තිබිණි. මෙහිදී මත් කරල් 170ක් ද, අයිස් මත්ද්‍රව්‍ය පැකට් 12ක් ද, ඒවා පැකට් කිරීම සඳහා යොදා ගන්නා කුඩා පොලිතීන් රෝල් කිහිපයක් ද පොලිස් භාරයට ගෙන ඇත.
මෙම පුද්ගලයා කලක පටන්ම මෙම ජාවාරම කරගෙන ගොස් ඇති බවට විශ්වාස කරන පොලීසිය පාසල් සිසුන් සහ තරුණ පිරිස ඉලක්ක කරගෙන තම ව්‍යාපාරය සිදු කරගෙන යන බවද අනාවරණය කරගෙන තිබේ. පොලීසිය පවසන්නේ, අත්අඩංගුවට පත් ජාවාරම්කරු එම ප්‍රදේශයේම පදිංචි 50 හැවිරිදි පුද්ගලයකු වන අතර, අනෙකුත් සැකකරුවන් මල්පුර, මණ්ඩවිල, රත්නපුර යන ප්‍රදේශවල අය බවයි. සැකකරුවන් පස් දෙනා ඊයේ (31) අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.
මුල්ලේරියාව සමූහ සිරිසේන ගමගේ