Home » අලුතැපොළ ගෝතමී ආරාමයේ ධාතු මන්දිරය විවෘත කිරීම 5දා

අලුතැපොළ ගෝතමී ආරාමයේ ධාතු මන්දිරය විවෘත කිරීම 5දා

by sachintha
April 1, 2025 4:01 pm 0 comment

ගම්පහ, අලුතැපොළ ගෝතමී ආරාමයේ අභිනවයෙන් ඉදිකරන ශ්‍රී සර්වඥ ධාතු මන්දිරය සහ පුස්තකාලය මේ මස 5 වැනි දින පෙරවරු 9.00ට යෙදෙන සුබ මොහොතින් විවෘත කිරීමට නියමිතය.

අලුතැපොළ ගෝතමී ආරාමාධිපතිනි, ගම්පහ දිස්ත්‍රික් සිල් මාතා සංගමයේ ලේඛකාධිකාරී, ශාස්ත්‍රපති බලගල්ලේ සුබෝධා සිල් මෑණියන්ගේ අප්‍රතිහත දායකත්වය, කැපවීම සහ අනුශාසනාව පරිදි මෙම පින්කම ප්‍රදේශයේ නායක ස්වාමීන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් සහ ප්‍රදේශවාසීන්ගේ දායකත්වයෙන් සිදු කෙරේ. අලුතැපොළ, ගනේකන්ද රජමහා විහාරයේ බුද්ධ මන්දිරයේ තැන්පත් කරන ලද සධාතුක කරඬුව එදින (5) උදෑසන 6.00ට යෙදෙන සුබ මොහොතින් දර්ශනීය පෙරහරකින් ගෝතමී ආරාමය වෙත වැඩමවීමට නියමිතය. එදින පස්වරු 1.00 සිට ධාතු ප්‍රදර්ශනය පවත්වන අතර, පස්වරු 5.30ට සම්බුද්ධ පූජාවත්, රාත්‍රී 7.00ට ධර්මානුශාසනාවත්, රාත්‍රී 9.00 සිට පිරිත් සජ්ඣායනාවත් සිදු කරනු ලැබේ. පසුදා (6) සිට 11 වැනිදා දක්වා ධාතු ප්‍රදර්ශනය සහ දෙතිස්‍ ව්‍යංජන පූජාව දින හතක් පුරා පැවැත්වීමට ද කටයුතු යොදා තිබේ.

රක්ෂණ ශ්‍රියන්ත

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT