හිජ්රි 1446 නවසඳ දැකීම අනුව කඳුකරයේ ඉස්ලාම් බැතිමතුන් ඊයේ (31) රාමසාන් උත්සවය සමරනු ලැබිණි
දින 30ක් පුරා ඉස්ලාම් බැතිමතුන් විසින් උපවාස ශීලය අරක්ෂා කිරීමෙන් අනතුරුව එය නිමා කරන දිනය ඉඩ් මුබාරක් දිනය ලෙස මහත් උත්සවාකාරයෙන් සමරනු ලැබේ.
ඒ අනුව ඉස්ලාම් බැතිමතුන් සඳහා හිලාල් අනුකමිටු වාර්තාවට අනුව හිජ්රි 1446 ෂව්වාල් මාසයේ නව සඳ පෙරේදා (30) වන දා දර්ශනය වූ බව දැනුම් දී තිබේ. එම දැනුම්වත් කිරීම කොළඹ මහ පල්ලිය විසින් මෙරට මුස්ලිම් බැතිමතුන් වෙත නිවේදනය කරමින් මාර්තු (31) රාමසාන් උත්සවය සමරන දිනය බවට දැනුම්වත් කරන ලදී. ඒ අනුව හැටන් ප්‍රදේශයේ මුස්ලිම් බැතිමතුන් රාමසාන් දිනයේ ආගමික කටයුතු සමඟ එක්වෙමින් මහත් හරසරින් රාමසාන් උත්සවය සමරනු ලැබිණි.
කඳුකරයේ ප්‍රධාන රාමසාන් දින ආගමික වතාවත් හැටන් ජුම්මා පල්ලියේ දී එහි ප්‍රධාන මවුලවි සහජාන් විසින් සිදු කරන ලදී. එහි කාන්තා ආගමික වතාවත් පෙ.ව. 7.00 ට ද පිරිමි වෙනුවෙන් ආගමික වතාවත් පෙ.ව. 8 .00ට ද පැවැත්විය. මෙම අවස්ථාව සඳහා ප්‍රදේශයේ විශාල ඉස්ලාම් බැතිමතුන් පිරිසක් එක්ව සිටියහ.
හැටන් – චන්දන ජයවීර
නෝර්වුඩ් සමූහ – රංජිත් රාජපක්ෂ
හැටන් මධ්‍යම විශේෂ
කාත්තන්කුඩි වෙරළ තීරයේදී
නැඟෙනහිර පළාතේ මුස්ලිම්වරු උදාවූ ශුද්ධ වූ ඊදුල් – ෆිතර් උත්සවය සාමකාමීව සැමැරූහ.
මඩකලපුව දිස්ත්‍රික්කයේ ප්‍රධාන ඊද් යාඥාව කාත්තාන්කුඩි වෙරළ තීරයේදී පැවැත්විණි. පිරිමින් සහ කාන්තාවන් 10,000කට වැඩි පිරිසක් ඒ සඳහා සහභාගි වූහ.
අෂ්-ෂෙයික් එම්.ඒ.සී. ජයිනුලාබ්දීන් මහතා ඊද් යාඥාව සහ දේශනය මෙහෙයවීය.
ඊද් දේශනය සඳහා පොලීසිය ආරක්ෂක රාජකාරියේ යෙදී සිටියේය.
මඩකලපුව සමූහ
ටී.එල්. ජව්ෆර්කාන් මඩකලපුව සංචාරක ජී.ටී.ඒ. ලතීෆ්