Home » ආර්ථික මාර්ගයන්වල හදිසි ආපදාවන්ට වහා පිළියම් යෙදීමට මාර්ග සංවර්ධන අධිකාරියෙන් පියවර

ආර්ථික මාර්ගයන්වල හදිසි ආපදාවන්ට වහා පිළියම් යෙදීමට මාර්ග සංවර්ධන අධිකාරියෙන් පියවර

by sachintha
April 1, 2025 4:52 pm 0 comment

මහනුවර, මහියංගණ ප්‍රධාන ආර්ථික මාර්ගයේ සිදුවෙන හදිසි ආපදාවන්ට වහා පිළියම් යෙදීමේ ව්‍යාපෘතියක් මාර්ග සංවර්ධන අධිකාරිය විසින් ආරම්භකර ඇති බව මාර්ග සංවර්ධන අධිකාරිය පවසයි.

කඳුකර මාර්ගයක් වන මෙම මාර්ගයේ වර්ෂා දිනවලට මාර්ගයට ඉහළ ප්‍රදේශවල තිබෙන ගස් ගල් සහ පස් කඳු නිතර පාරට කඩා වැටීමෙන් එම මාර්ගයේ රථවාහන ගමනා ගමනයට දැඩි බාධා එල්ලවෙනු ඇත. මෙය ගැමියාගේ ප්‍රවාහන කටයුතුවලට මෙන්ම ව්‍යාපාරිකයාගේ ආර්ථිකයටද සංචාරක කටුතුවලටද හානි කර තත්ත්වයක් බවට පත්ව තිබේ.

පසුගිය දිනවල ප්‍රදේශයට ඇද හැළුණු අධික වර්ෂාවත් සමඟ හසලක, 18 වංගුව ප්‍රධාන මාර්ගයේ ස්ථාන කීපයකින් (පාර මැදින්) ජලය මතුවීමේ ආපදාවන් හේතුවෙන් එම ස්ථානවලින් රථවාහන ගමනා ගමනයට දැඩි බාධා එල්ල වී ඇත.

මාර්ගයට ඉහළ කඳුකර ප්‍රදේශයෙන් එන ජලය මාර්ගයේ දෙපස ඉදිකර ඇති පැති කානුවලින් හෝ මාර්ගයට යටින් පහළට ගලා නොගොස් කාපට් අතුරා සකස් කර ඇති මාර්ගයේ වංගුව ප්‍රදේශයේ කාපට් බුරුල් වී ඇති ස්ථාන මැදින් ජලය මතුවීමට පටන් ගත් බව රථවාහන රියැදුරෝ පවසති.

මෙසේ මාර්ගය මධ්‍යයෙන් ජලය මතුවීම නිසා එම ස්ථානවලින් රථවාහනවලට ගමන් කිරීම අපහසු වූ අතර ජලය පිරුණු වළ මතින් මගී බස්රථ ඇතුළු බර පැටවූ රථවාහන ගමන් කිරීමෙන් මාර්ගයට ද, වාහනවලට ද දැඩි හානි ගෙනදීම සිදුවිය.

මාර්ගය මැදින් මෙලෙස මතුවෙන ජලය ඉහළට පැමිණීම වැළැක්වීම සඳහා එම ස්ථාන ගැඹුරට හාරා මතුවෙන ජලය පෙළොව යටින් පිටතට යැවීමටත් එම ස්ථාන කාපට් අතුරා යථා තත්ත්වයටත් පත් කිරීමට මාර්ග සංවර්ධන අධිකාරිය මේ දිනවල පියවර ගනු ලබයි.

හසලක සමූහ

ඊ.එම්.එස්. ඒකනායක

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT