Home » අම්බලන්තොට සිංහල වෙළෙන්දන්ගෙන් රාමසාන් උපවාසයට ආහාර වේලක්

අම්බලන්තොට සිංහල වෙළෙන්දන්ගෙන් රාමසාන් උපවාසයට ආහාර වේලක්

by sachintha
April 1, 2025 4:51 pm 0 comment

මුස්ලිම් බැතිමතුන්ගේ රාමසාන් උපවාසය අතහැරීමේ උතුම් ආගමික අවස්ථාව අම්බලන්තොට වෙළෙඳ සංගමයේ සිංහල බෞද්ධ පිරිස් එක්ව සංවිධානය කරමින් මානව සංහිඳියාවට අපූරු පාඩමක් එකතු කිරීමට අම්බලන්තොට වෙළෙඳ සංගමය කටයුතු කර තිබේ.

සිංහල මුස්ලිම් භේදයකින් තොරව වෙළෙඳාම් කරන අම්බලන්තොට නගරය තුළ වසර ගණනාවක සිට පැවත එන ඒ මානව බැඳීම සනිටුහන් කිරීමේ අරමුණින් අම්බලන්තොට වෙළෙඳ සංගමය මැදිහත්ව නගරයේ සිටින සියලු මුස්ලිම් වෙළෙඳ ව්‍යාපාරිකයන් වෙනුවෙන් උපවාසය අත්හැරීමෙන් පසු ලබාදෙන ආහාර පිළිගැන්වීමේ උතුම් ක්‍රියාව සිදු කර තිබේ. මෙම අවස්ථාවට ප්‍රදේශයේ නායක භික්ෂුන් වහන්සේලාද සහභාගිව සිටීම තවත් සුවිශේෂත්වයක් විය.

අම්බලන්තොට සමූහ රාහුල් සමන්ත හෙට්ටිආරච්චි

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT