Home » රාස්සගල නායයෑමෙන් හැරමිටිගල පාර සම්පූර්ණයෙන්ම අවහිර වෙයි

රාස්සගල නායයෑමෙන් හැරමිටිගල පාර සම්පූර්ණයෙන්ම අවහිර වෙයි

by sachintha
April 1, 2025 4:42 pm 0 comment

බළන්ගොඩ රාස්සගල නගරය ආසන්නයේ ඉකුත් 27 වැනිදා ඇති වූ විශාල නායයෑමක් හේතුවෙන් ඉහළ සිට ගැලවී ආ පස් කණ්ඩියක් හේතුවෙන් රාස්සගල හැරමිටිගල සමනල වත්ත ප්‍රධාන මාර්ගය සම්පූර්ණයෙන්ම අවහිර වී ඇතැයි බළන්ගොඩ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ආපදා අංශය පවසයි.

රාස්සගල ප්‍රදේශයට පැවැති අධික වර්ෂාවත් සමඟ රාස්සගල කඳු මුදුනේ ඇති රාස්සගල තේ කර්මාන්තශාලාවේ මිදුල කොටස සහ කර්මාන්තශාලාවට ප්‍රවේශ වන මාර්ගයේ කොටසක් ගැලවී අඩි තුන්සියයක් පමණ පහළට ගැලවී ඇති පස් කණ්ඩිය පහළින් ඇති රාස්සගල හැරමිටිගල මාර්ගයට වැටී එම මාර්ගයේ වාහන ගමනාගමන සම්පූර්ණයෙන්ම අවහිර වී තිබේ.

මේ හේතුවෙන් හැරමිටිගල මාර්ගය භාවිත කරන ජනතාව අපහසුතාවයට පත්ව සිටිති.

මෙම ස්ථානයේ තවත් නායයෑමේ අවදානම් තත්ත්වයක් පවතින බව ප්‍රදේශවාසීහු පවසති.

බළන්ගොඩ – සම්පත් ප්‍රියනන්දන

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT