Home » ඇහැළියගොඩ මහජන පොළ යාචකයන්ගේ නවාතැන්පොළක් වෙලා

ඇහැළියගොඩ මහජන පොළ යාචකයන්ගේ නවාතැන්පොළක් වෙලා

by sachintha
April 1, 2025 4:40 pm 0 comment

ඇහැළියගොඩ මහජන පොළ සහ බස් නැවතුම්පොළ ආශ්‍රිතව අඩුපාඩු රැසක් හේතුවෙන් මහජනයා දැඩි අසීරුතාවයට පත්ව සිටිති.

මහජන පොළ භූමියේම බස් නැවතුම්පළ ස්ථාපිත කර ඇතත් මෙසේ පහසුකම් නොමැති වීම හේතුවෙන් හා භූමිය මඩ වගුරක් වී ඇති නිසා දිනපතා නගරයට පැමිණෙන පාරිභෝගික ජනතාව මෙන්ම මගීන්ටද දැඩි අසීරුතාවයට ලක්වීමට සිදුව ඇත. වැසි ජලය පිරුණු වළවල් භූමිය පුරාම පවතී. අවිධිමත්ව ඇති කොන්ක්‍රීට් කණු සී සී කඩ දමා ඇත. කානු පද්ධතිය ජරා ජීර්ණව පවතී. එය මදුරුවන්ගේ රජදහනක් වී ඇත. භූමිය පුරාම පොලිතීන් හා ප්ලාස්ටික් බෝතල් මෙන්ම වීදුරු බෝතල්, හිස් බියර් ටින් ය. බිඳුණු වීදුරු කැබැලි තැන් තැන්වලය. මහජන වෙ‍ෙළඳපොළ ආශ්‍රිතව මාළු වෙ‍ෙළඳාමට ඇති ගොඩනැඟිල්ල තුළ ඇඳවල් හා මෙට්ට භාවිත කර යාචක නවාතැන්පළක් බවට පත්වී ඇත. ඒ තුළ ජල කරාම පද්ධතිය සම්පූර්ණයෙන්ම අබලන්ය. ඇතුළත ජලය බැස යාමට සකස් කර ඇති වළවල් පොලිතීන්වලින් සහ හිස් බියර් ටින්වලින් පිරී, පණුවන්ගෙන් පිරී පවති. නිලමැස්සන්ගේ රජදහනකි. දැඩි දුගඳ හමයි. ඇතැම් ස්ථානවල කානු පද්ධතියට දමා ඇති කොන්ක්‍රීට් ලෑලි ගැලවී ඇත. තවත් ඒවා අවදානම් තත්ත්වයේ පවතී. ප්‍රමාණවත් සනීපාරක්ෂක පහසුකම් ද නොමැත. රාත්‍රී කාලයේදී විවිධ දුරාචාර කටයුතු සඳහා යොදාගන්නා බව ඇතැමුන් පවසති.

මෙම තත්ත්වයෙන් මුදවාලීමට වගකිව යුතු බලධාරීන්ගේ අවධානය යොමු වනු ඇතැයි ජනතාවගේ අපේක්ෂාවයි.

ඇහැළියගොඩ සමූහ

ඇම්.ඒ.සී. රංජන් මඩගම්මන

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT