රුපියල් මිලියන සියයක් වැය කර රත්නපුර නව නගරයේ ඉදි කරන නගර උද්‍යානයේ ඉදිකිරීම් නිසි ප්‍රමිතීන්ට යටත්ව කඩිනමින් අවසන් කරන ලෙස සබරගමු පළාත් ආණ්ඩුකාර චම්පා ජානකී රාජරත්න මහත්මිය ඉකුත්දා 25 වැනිදා සඳහන් කළාය.
සබරගමු පළාත් ආණ්ඩුකාරවරිය මෙසේ සඳහන් කළේ, ඵදින නව නගර උද්‍යාන ඉදිකිරිම් නිරීක්ෂණයට ඵක්වෙමිනි. සබරගමු පළාත් සභාව මඟින් මෙහි ඉදිකිරීම් කටයුතු සිදු කරන අතර, ඵහි සැලසුම් සහ අධීක්ෂණ සේවා, නාගරික සංවර්ධන අධිකාරිය සහ පළාත් ඉංජිනේරු සේවාව මඟින් සිදු කරයි. ඒ සඳහා අවශ්‍ය සම්පූර්ණ ශ්‍රම දායකත්වය ශ්‍රී ලංකා යුද හමුදාව මඟින් ලබා දෙයි.
ඉහළ ප්‍රමිතීන්ගෙන් යුත් ආපණශාලා හතරක් සනීපාරක්ෂක පද්ධතියක් ඵළිමහන් උද්‍යානයක් ළමා උද්‍යානයක් ඵළිමහන් කායවර්ධන මධ්‍යස්ථානයක් රත්නපුර නව නගර උද්‍යානයට ඵක් කර ඇත.
කුරුවිට – කේ.ඒ. සුනිල්