Home » නිකවැරටියේ පදික වේදිකාව මර උගුලක්

නිකවැරටියේ පදික වේදිකාව මර උගුලක්

by sachintha
April 1, 2025 4:40 pm 0 comment

නිකවැරටිය නගරයේ පදික වේදිකාව දැඩි ලෙස අබලන් වීමෙන් හා දෙපස කානු පද්ධති නිසි ලෙස ආවරණය නොකිරීම නිසා, පයින් ගමන් ගන්නා ජනතාව දැඩි අපහසුතාවයට ලක්ව ඇති බව ජනතාව පවසති.

නගරයේ ප්‍රධාන මාර්ගය දෙපස ස්ථාන ගණනාවක පවතින මෙම තත්ත්වය හේතුවෙන්, පයින් යන පිරිස් අනතුරුවලට ලක්වෙමින් සහ විවිධ ගැටලුවලට මුහුණ දෙමින් සිටින බවද ජනතාව පවසති.

එසේම පවතිව තත්ත්වය හේතුවෙන් නගරයේ ව්‍යාපාරිකයන්ගේ ව්‍යාපාරික කටයුතුවලටද බාධා එල්ල වී ඇති අතර, මෙය නගර අලංකරණයටද දැඩි ලෙස බලපා ඇති බවද ජනතාව පවසා සිටිති.

දෛනිකව විශාල ජනතාවක් ගැවසෙන, ඉතා ජනාකීර්ණ නගරයක් වන නිකවැරටිය නගරය, මේ දිනවල සිංහල අවුරුදු උත්සවය නිසා ජනී ජනයාගෙන් පිරී පවතින අතර, නගරයේ පදික වේදිකාවේ පවතින තත්ත්වය ඔවුනට දැඩි ලෙස බලපා ඇති බවද ජනතාව පවසති.

නිකවැරටිය ප්‍රාදේශීය සභාවෙන් මේ පිළිබඳ කළ විමසීමකදී ඔවුන් සඳහන් කළේ, අදාළ බලධාරීන්ට දැනුම් දී ඇති බවයි. ජනතාව පවසන්නේ නගරයේ පදික වේදිකාව සහ කානු පද්ධතිය ඉතා ඉක්මනින් නිසි ලෙස සංවර්ධනය කරන ලෙස බලධාරීන්ගෙන් ඉල්ලා සිටින බවයි.

නිකවැරටිය – ගයන්දි පමෝධා

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT