Home » සජබ පසුපස යෑම කබලෙන් ළිපට වැටීමක්

සජබ පසුපස යෑම කබලෙන් ළිපට වැටීමක්

-පො.එ.පෙ. කෝට්ටේ මහ නගර සභාවේ නගරාධිපති අපේක්ෂක ජනක රණවක

by sachintha
April 1, 2025 4:16 pm 0 comment

කවුරුන් හෝ සමගි ජන බලවේගය පසුපස යෑම කබලෙන් ළිපට වැටීමක් බව පොදුජන එක්සත් පෙරමුණේ කෝට්ටේ මහ නගර සභාවේ නගරාධිපති අපේක්ෂක ජනක රණවක මහතා පැවසීය.

ඒ මහතා මේ බව පැවසුවේ කෝට්ටේ පිහිටි පොදුජන එක්සත් පෙරමුණේ පක්ෂ කාර්යාලයේ පෙරේදා (30) පැවති මාධ්‍ය හමුවකට එක් වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙලෙස ද කීවේය.

“පසුගිය මැතිවරණවලදී සජිත් ප්‍රේමදාස මහතාගේ ඡන්දය අඩු වූවා මිස කිසිදු වැඩිවීමක් සිදු වූයේ නෑ. ඉදිරියට සිදු වන්නේත් තව තවත් ඡන්ද අඩුවීමක්. ජනතාව පළාත් පාලන මැතිවරණයට වැඩක් කළ සහ වැඩක් කරන පිරිසක් හොයමින් ඉන්නවා. ඒ සඳහා එදා පොදුජන පෙරමුණේ සිටි සියලු වාමාංශික පක්ෂ මෙවර පුටුව ලකුණින් තරග කරනවා.

කෝට්ටේ ආසන සංවිධායක හර්ෂ ද සිල්වාටත් කෝට්ටෙට ඒමට නොහැකි තත්ත්වයක් උදාවී තිබෙනවා. එම හිඩැස පිරවීමට වැඩක් කර පළපුරුදු කණ්ඩායමක් පුටුව ලකුණෙන් කෝට්ටේ මහ නගර සභාවට තරග කරනවා.

සමගි ජන බලවේගයේ පිරිස අද කටින් බතල කොළ හිටවනවා. හැබැයි එහි කිසිම පලදාවක් නෑ. සජිත් ප්‍රේමදාස මහතා හිතනවා, බලයක් ගන්න පුළුවන් කියලා. ඒ අයට බලය ගන්න කිසිම ක්‍රමවේදයක් නෑ. එම නිසා අපි වාමාංශික පක්ෂ එකතු කරගෙන නව බලයක් ගොඩනඟමින් ඉන්නවා. අපි මෙවර පළාත් පාලන මැතිවරණයෙන් කෝට්ටේ නගර සභාවේ බලය ගන්නවා. අපි මේ ප්‍රදේශයට වැඩ කොටසක් කර තිබෙනවා. අධ්‍යාපනය, සෞඛ්‍ය, ප්‍රජා සහ යටිතල පහසුකම් දියුණු කරන්න විශාල වැඩ කොටසක් කර තිබෙනවා. අපට වැඩ කර පළපුරුද්දක් තිබෙනවා. ඒ අත්දැකීම් යොදාගෙන යළි කෝට්ටේ නගරය ගොඩනඟන්න අපි කටයුතු කරනවා.”

නුවන් කොඩිකාර

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT