චීනයේ තාජි චුවාන් සටන් කලාව තුළින් මෙරට සෞඛ්‍ය ක්ෂේත්‍රය බල ගන්වා නීරෝගිමත් ලක් වැසියන් පිරිසක් බිහි කිරිම සදහා වූ තෙදින වැඩසටහනකට සහභාගී ශ්‍රී ලාංකිකයන් 12 දෙනෙකුගෙන් යුතු කණ්ඩායමක් අද (31) දින රාත්‍රී කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියහ .
මෙම වැඩසටහන ලෝකයේ රටවල් 08 ක 1,300 කගේ සහ චීනයේ තාජි සටන් කළා උපදේශකවරුන් 50 දෙනෙකුගේ සහභාගිත්වයෙන් , චීනයේ ශ්‍යාමෙන් නගරයේ පවත්වා තිබුණි .
තාජි චුවාන් සටන් කලාව මිනිසුන්ගේ ශාරීරික සහ මානසික ප්‍රවර්ධනය ගොඩනැගීමට ඇති සටන් කළාවකි .
එමගින් මිනිසුන්ගේ අභ්‍යන්තර අවයවයන් ශක්තිමත් වී නිරෝගී සහ ක්‍රියාකාරී ජනතාවක් බිහි කිරිමට උපකාරී වේ .
මෙම සටන් කලාව ප්‍රගුණ කිරිම මගින් ශ්‍රී ලංකාවේ බෝනොවන රෝග ව්‍යාප්ත වීම අඩු කිරීමට යොදා ගැනීමට බලාපොරොත්තු වන අතර මෙම සටන් කළාව ලෝක සෞඛ්‍ය සංවිධානය මගින් ද අනුමත කර තිබේ .
මෙම වැඩසටහන අතරතුර පැවති තරගකාරී ඉසව්වක දී ශ්‍රී ලංකා කණ්ඩායම එහි තුන් වන ස්ථානය දිනා ගැනීමට ද සමත් වී තිබුණි .