31
අප්‍රේල් මාසය සඳහා ලාෆ්ස් ගෑස් මිල සංශෝධනය කිරීමට එම සමාගම තීරණය කර තිබේ.
ඒ අනුව කිලෝග්‍රෑම් 12.5ක ලාෆ්ස් ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක් රුපියල් 420කින් වැඩි වේ.
කිලෝග්‍රෑම් 5 ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 168 වැඩි වෙන බව එම ආයතනය ප්‍රකාශ කරයි.
ඒ අනුව කිලෝග්‍රෑම් 12.5ක ගෑස් සිලින්ඩරයක නව මිල 4,100 ලෙසත් කිලෝග්‍රෑම් 5ක ගෑස් සිලින්ඩරයක නව මිල රුපියල් 1,645 බවත් ලාෆ්ස් සමාගම පවසයි.
සෑම මසකම ආරම්භයේදී ලෝක වෙළෙඳ පොළ පවතින මිලට සමානුපාතිකව ලාෆ්ස් ගෑස් මිල සංශෝධනය කෙරෙන බවද ලාෆ්ස් ගෑස් සමාගම වැඩිදුරටත් සඳහන් කරයි.
රක්ෂණ ශ්‍රියන්ත