Home » මියන්මාරයට සහ තායිලන්තයට වෛද්‍ය කණ්ඩායමක් සමඟ ඖෂධ යවන්න සූදානම්

මියන්මාරයට සහ තායිලන්තයට වෛද්‍ය කණ්ඩායමක් සමඟ ඖෂධ යවන්න සූදානම්

-ඇමැති වෛද්‍ය නලින්ද ජයතිස්ස

by sachintha
April 1, 2025 4:39 pm 0 comment

 

මියන්මාරයේ සහ තායිලන්තයේ පසුගිය දා සිදු වූ භූමිකම්පාවෙන් විපතට පත්වූවන්ට සහාන සලසන්න විශේෂඥ වෛද්‍ය කණ්ඩායමක් සමඟ ඖෂධ සූදානම් කර ඇති බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය ඇමැති වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.

ඒ මහතා මේ බව සදහන් කළේ ඊයේ (31) පස්වරුවේ පානදුර ප්‍රදේශයේ පැවැති මාධ්‍ය සාකච්ඡාවකදීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඇමැතිවරයා මෙසේද පැවසීය.

පසුගිය සිකුරාදා මියන්මාරයේ සිදුව ඇති භූමි කම්පාව හේතුවෙන් විපතට පත් මියන්මාර සහ තායිලන්තයේ පවුල්වලට ලංකා රජයේ කණගාටුව පළමුව පළකරනවා. මේ වේලාවේ එම රටවල්වලට සහාය අවශ්‍යයි. ඒ නිසා අපේ පරිමාණයෙන් හැකි සහයක් දෙන්න ලංකා ආණ්ඩුව සූදානම්. එයින් විපතට පත්වූවන්ට විශේෂයෙන් අවශ්‍ය බෙහෙත් , සෞඛ්‍ය උපකරණ සහ වෙනත් දෑ දෙන්න ආණ්ඩුවක් විදිහට අපි කටයුතු සූදානම් කරමින් සිටිනවා. ඒ අනුව ඖෂධ , උපකරණ වගේම මෙවැනි අවස්ථාවන්ට මුහුණ දී ඇති විශේෂඥ දැනුම සහිත වෛද්‍යවරුන් කණ්ඩායමක් සූදානම් කර තිබෙනවා. ඒ බව අප විදේශ කටයුතු අමාත්‍යාංශය හරහා මියන්මාර තානාපති කාර්යාලයට දැනුම් දුන්න. ඔවුන් දැනුවත් කර ඇත්තේ සූදානම්න් තබන ලෙසයි.

පානදුර සංචාරක – සුමිත් ප්‍රේමතිලක

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT