Home » විපතට පත් මියන්මාර ජනතාවට සහාය දෙන්න

විපතට පත් මියන්මාර ජනතාවට සහාය දෙන්න

-හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ

by sachintha
April 1, 2025 4:35 pm 0 comment

ථෙරවාදී බෞද්ධයන් සමඟ කිට්ටු සබඳතාවක් ඇති මියන්මාරයට මේ අවස්ථාවේ ශ්‍රී ලංකාවේ උපරිම සහාය ලබා දිය යුතු බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

විපතටපත් මියන්මාරයට මේ අවස්ථාවේ අවශ්‍ය කරන උපකරණ සමඟ හමුදා වෛද්‍ය බළකායේ වෛද්‍යවරුන් ඇතුළු කණ්ඩායම් වහාම යවා එහි තාවකාලික රෝහලක් පිහිටුවීමට පියවර ගන්නැයි හෙතෙම විශේෂ ප්‍රකාශයක් කරමින් ආණ්ඩුවෙන් ඉල්ලීමක් කර සිටියේය. අද මියන්මාරයට ඉන්දියාව, තායිලන්තය, මැලේසියාව මෙන්ම ඈතින් පිහිටි ඔස්ට්‍රේලියාව, චීනය ආදී රටවල් සියල්ලම ආධාර ඒවා තිබෙනවා. එසේ නම් අපත් ඒ සඳහා පියවරක්ගත යුතුයි. මගේ යෝජනාව වන්නේ හමුදාවේ වෛද්‍ය බළකායේ වෛද්‍යවරුන් ඇතුළු කණ්ඩායමක් වහාම මියන්මාරයට යැවිය යුතු බවයි. එම කණ්ඩායමට අවශ්‍ය උපකරණ ලබාදී මියන්මාරයේ තාවකාලික රෝහලක් පිහිටුවීමට කටයුතු කළ යුතුයි.

එපමණක් නොව ඔවුනට අවශ්‍ය ඖෂධ බෞද්ධ මෙන්ම බෞද්ධ නොවන අයගේ ආධාර මත එකතු කොට එහි යැවීමට හැකියාව තිබෙනවා. අප ඒ සම්බන්ධය ඇති කළ යුතුයි. රැන්ගුන් ගුවන්තොටුපොළෙන් හෝ තායිලන්තයෙන් හෝ ඉන්දීය ගුවන් හමුදාව සමඟ අපට එහි යෑමට අවස්ථාව තිබෙනවා යැයි ද හෙතෙම පැවසීය.

ශිරෝමි අබයසිංහ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT