56
ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාව ඊයේ ( 31) මධ්‍යම රාත්‍රී 12.00 සිට සිපෙට් කෝ ඉන්ධන මිල සංශෝධනය කර තිබේ.
ඒ අනුව ඉන්ධන ලීටරයක නව මිළ දර්ශනය මෙසේය.
ලංකා පෙට්‍රල් 92 ඔක්ටේන් රුපියල් 309.00ක් ව පැවති අතර එහි මිල රුපියල් 10.00කින් පහළ දමා ඇත. ඒ අනුව එහි නව මිල වන්නේ රුපියල් 299.00 කි.
ලංකා පෙට්‍රල් ඔක්ටේන් 95 රුපියල් 371.00 ක් ව පැවති අතර එහි මිල රුපියල් 10.00කින් පහත දමා ඇත. ඒ අනුව එහි නව මිල වන්නේ රුපියල් 361.00 කි.
අනෙකුත් ඉන්ධන මිල නොවෙනස්ව පවතී. ඒ අනුව ලංකා සුදු ඩීසල් මිල රුපියල් 286.00කි, ලංකා සුපිරි ඩීසල් රුපියල් 331.00 ක් වන අතර ලංකා භූමිතෙල් මිල රුපියල් 183.00 කි.
රක්ෂණ ශ්‍රියන්ත