Home » අම්පාර දිස්ත්‍රික් අලුත් සහල් මංගල්‍යය පල්ලන්ඔය ගොවිජන සේවා මධ්‍යස්ථානයේ දී

අම්පාර දිස්ත්‍රික් අලුත් සහල් මංගල්‍යය පල්ලන්ඔය ගොවිජන සේවා මධ්‍යස්ථානයේ දී

by sachintha
April 1, 2025 4:41 pm 0 comment

පනස්අටවන ජාතික අලුත් සහල් මංගල්‍යයට සමගාමීව අම්පාර දිස්ත්‍රික් අලුත් සහල් මංගල්‍යය දමන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පල්ලන්ඔය ගොවිජන සේවා මධ්‍යස්ථානයේදී පසුගිය 26 වැනිදා පැවැත්විණි.

අම්පාර දිස්ත්‍රික් නියෝජ්‍ය ගොවිජන සේවා කොමසාරිස් චාමනී සෝමදාස මහත්මිය විසින් සංවිධානය කරනු ලැබූ මෙම උත්සවය දමන සංවර්ධන කමිටු සභාපති මංජුල රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවත්විණි.

මෙම අවස්ථාවට ආශීර්වාද කිරීම සඳහා දර්ශනීය පෙරහරකින් මහා සංඝරත්නය එහි වැඩම කරනු ලැබීය.

එහිදී පැරණි සම්ප්‍රදායානුකූලව දෙවියන් උදෙසා දේවදානය සූදානම් කර සෙසු චාරිත්‍ර ඉටු කෙරිණි. මෙම අවස්ථාවට අම්පාර නියෝජ්‍ය කෘෂිකර්ම අධ්‍යක්ෂ (අන්තර් පළාත්) ආචාර්ය ලක්මාල්, කෘෂි රක්ෂණ මණ්ඩලයේ සහකාර අධ්‍යක්ෂ සතිස් කුමාර්, ගොවිජන සේවා වසම්භාර නිලධාරි දමන දකුණ ඉවුර ව්‍යාපාරයේ සභාපති ටී.ජී. අමරපාල යන මහත්වරුන් ඇතුළු ප්‍රදේශයේ ගොවි ජනතාව ද සහභාගි වූහ.

දමන සමූහ – කේ.ඒ. මෛත්‍රීපාල දිගාමඩුල්ල විශේෂ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT