ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමයේ මාධ්‍ය ඒකකය විසින් සංවිධාන කළ ‘මාධ්‍ය හා මහජන සබඳතා පුහුණු පාඨමාලාව-2025’ මාකොළ සපුගස්කන්ද ජාතික තරුණ සේවා හා පුහුණු මධ්‍යස්ථානයේදී පසුගිය 21 වැනිදා සිට 23 වැනිදා දක්වා පැවැත්විණි.
මෙහි සමාරම්භක උලෙළ ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමයේ ප්‍රධාන බාලදක්ෂ කොමසාරිස්, නීතිඥ ජනප්‍රිත් ප්‍රනාන්දු මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති අතර, මේ සඳහා බාලදක්ෂ දිස්ත්‍රික්ක නියෝජනය කරමින් සහාය දිසා කොමසාරිස් (මාධ්‍ය) හා දිස්ත්‍රික් බාලදක්ෂ නිලධාරීහු සහභාගිවී සිටියහ.
ජාතික පුහුණු කිරීමේ කොමසාරිස් කර්නල් පද්මලාල් පෙරේරා මහතාගේ මඟපෙන්වීම යටතේ පාඨමාලා උපදේශක ලෙස සහාය ප්‍රධාන කොමසාරිස් (මාධ්‍ය, මහජන සම්බන්ධතා, සංස්කෘතික කටයුතු) ප්‍රභාත් කුලරත්න මහතා කටයුතු කළේය. පාඨමාලා අධ්‍යක්ෂ ලෙස මූලස්ථාන කොමසාරිස් (මාධ්‍ය) ප්‍රසංජන රාජපක්ෂ, නියෝජ්‍ය පාඨමාලා අධ්‍යක්ෂ ලෙස සහාය මූලස්ථාන කොමසාරිස් (මාධ්‍ය) ශෂික මුණසිංහ මහත්වරු කටයුතු කළහ.
ඊට එක්වූ පුහුණුලාභීන් ප්‍රධාන බාලදක්ෂ කොමසාරිස්වරයා ප්‍රමුඛ කොමසාරිස්වරු සමඟ සමූහ ඡායාරූපයකට ද පෙනී සිටියහ.
නුවන් කොඩිකාර