ක්‍රමවේදය පරිවර්තනය කරනවා කිවුවාට කිසිදු ක්‍රමවේදයක් පරිවර්තනය කිරීමට ආණ්ඩුව කටයුතු කර නොමැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා ප්‍රකාශ කළේය.
මන්ත්‍රීවරයා මේ බව පැවසුවේ සමගි ජන බලවේගය ප්‍රධාන කාර්යාලයේ පසුගියදා (28) පැවති මාධ්‍ය හමුවට සහභාගී වෙමිනි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා මෙසේ ද පැවසීය.
“වර්තමාන ආණ්ඩුව බලය ගැනීමේදී කතා කළේ ක්‍රමයේ වෙනසක් ගැන. පසුගිය ආණ්ඩු කළ සෑම පත්කිරීමක්ම, ක්‍රියාකාරකමක්ම රටේ දූෂිත ක්‍රියාකාරකම් ඇති කරන්න ඉවහල් වූ බව තමයි ඔවුන් ප්‍රකාශ කළේ. ඔවුන් ප්‍රකාශ කළේ පසුගිය කාලයේ ලේකම්වරුන්, සභාපතිවරුන්, තානාපතිවරුන් ඇතුළු තනතුරු දේශපාලනීකරණය වෙලා කියලා. ජාතික ජන බලවේග පාලනයක් තුළ හිතවත්කම් මත ලේකම් ධුර, සභාපති ධුර ඇතුළු තනතුරු දෙන්නේ නෑ කියලා ඔවුන් ප්‍රකාශ කළා. රාජ්‍ය සේවයේ පත් වීම් දීමේදී දැනුම්, කුසලතාව, දක්ෂතාව මත තනතුරු දෙන බව තමයි ජාතික ජන බලවේගය ප්‍රකාශ කළේ. ඒ ආකාරයට තමයි ඔවුන්ගේ මැතිවරණ ප්‍රකාශනයෙත් සඳහන් කර තිබුණේ. නමුත් ඔවුන් දී තිබෙන පොරොන්දු සම්පූර්ණයෙන් කඩ කර තිබෙනවා. ජනාධිපතිවරයා ඥාති සංග්‍රහයන් නෑ කිවුවට ඥාතීන් වන උදවිය පාර්ලිමේන්තුව තුළ නියෝජනය වෙනවා. රජයේ පත් වීම් දීමේදී ජනාධිපතිවරයාගේ ලේකම්ගේ සිට අමත්‍යාංශ ලේකම් ධුර දක්වා ඥාති පදනම් මත පත්වීම් දී තිබෙනවා. ආයතනවල සභාපති ධුර ද පක්ෂයේ වැඩවලට සහභාගි වූ පිරිසට දී තිබෙනවා.”
රක්ෂණ ශ්‍රියන්ත