168
අල්ලස් ලබා ගැනීමට ආධාර අනුබල දීම සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින හිටපු අමාත්‍ය සතාසිවම් වියාලේන්ද්‍රන් යළි රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙයි.
කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියමකර ඇත්තේ ඔහුව ලබන 08වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසටයි.
මෙම නඩුව අද (01) කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ කැඳවා තිබෙයි.
මෙම සිද්ධියට අදාළ විමර්ශන අවසන් නොමැති බවට අල්ලස් කොමිසමේ නිලධාරීන් කළ දැනුම්දීමක් පිළිගත් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජා ලක්මාලී මෙම නියෝගය කර තිබෙන බව වාර්තා වෙයි