Home » ජපානයේ දරුණු භූ කම්පනයක් – ජීවිත ලක්ෂ 03 ක් බිලි ගන්නා ලකුණු

ජපානයේ දරුණු භූ කම්පනයක් – ජීවිත ලක්ෂ 03 ක් බිලි ගන්නා ලකුණු

by yasara
April 1, 2025 12:14 pm 0 comment

තුන් ලක්ෂයක පමණ ජීවිත අහිමිවිය හැකි ප්‍රබල භූමිකම්පාවක් ජපානයට ඇතිවීමේ හැකියාවක් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර සිටියි.

ජපාන රාජ්‍ය වාර්තා උපුටමින්  පළ කර ඇති එම වාර්තා වල දැක්වෙන්නේ සිදු වෙතැයි පැවසෙන භූ කම්පනය රික්ටර් මාපාංක ඒකක 8.1 – 9ත් අතර ඉහළ අගයක් ගනු ඇති බවයි.

මෙම කම්පනය සිදුවීමේ සම්භාවිතාව 80%ක් තරම් තරම් ඉහළ අගයක් ගෙන ඇති බවද සඳහන්.

පැසිෆික් වෙරළ තීරය ආශ්‍රිතව ඇති විය හැකි මෙම භූ කම්පනයෙන් ජපානයට සුනාමි අවධානමක් ද ඇති විය හැකි බවත් ගොඩනැගිලි විශාල ප්‍රමාණයක් විනාශ විය හැකි බවත් සඳහන් වෙයි.

දැනට පුරෝකථනය කර ඇත්තේ මෙම භූ කම්පනයක් හරහා ඇමරිකානු ඩොලර් ට්‍රිලියන 02කට ආසන්න මුදලක් ජපානයට අහිමි වනු ඇති බවයි.

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT