Home » ටෙහෙරානයට පහර දුන්නොත් න්‍යෂ්ටික අවි නිපදවන බවට ඉරානයෙන් තර්ජනයක්

ටෙහෙරානයට පහර දුන්නොත් න්‍යෂ්ටික අවි නිපදවන බවට ඉරානයෙන් තර්ජනයක්

by chanaka
April 1, 2025 12:12 pm 0 comment

ඇමරිකාව හෝ ඊශ්‍රායලය න්‍යෂ්ටික ගැටලු මුවාවෙන් ඉරානයට පහර දෙන්නේ නම්, න්‍යෂ්ටික අවි සංවර්ධනයට පියවර ගන්නා බව ඉරානය පවසයි.

ඉරානයේ උත්තරීතර නායකයාගේ උපදේශකයකු වන Ali Larijani එම අනතුරු ඇඟවීම සිදු කළ බව එරට නිල ප්‍රවෘත්ති ඒජන්සිය වන IRNA වාර්තා කර ඇත.

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඊශ්‍රායලය විසින් මෑතකදී කරන ලද ටෙහෙරාන් විරෝධී තර්ජනවලට ප්‍රතිචාර වශයෙන් උපදේශකවරයා මෙසේ ප්‍රකාශ කර තිබේ.

අල් කමේනි නායකයාගේ ආගමික නියෝගයක් යටතේ ඉරානයට න්‍යෂ්ටික අවි භාවිතය තහනම් කර ඇත. කෙසේ වෙතත් ඇමරිකාව කිසියම් වරදක් කරන්නේ නම් ඉරාන ජනතාවගේ පීඩනයන් හමුවේ ඒ පිළිබඳ සිතා බැලීමට ඉරානය පසුබට නොවන බව ඔහු සඳහන් කළේය.

ඇමරිකාව සමග වක්‍ර සාකච්ඡා පවත්වා, එකිනෙකාගේ ඉල්ලීම් තේරුම් ගනිමින් න්‍යෂ්ටික ගැටලුව පිළිබඳ අන්‍යෝන්‍ය සහන දිනා ගැනීමට ඉරානය සූදානම් බවත් ඔහු පැවසීය.

ඉරානය තම න්‍යෂ්ටික වැඩපිළිවෙල පිළිබඳ සාකච්ඡා කිරීම ප්‍රතික්ෂේප කරන්නේ නම්, පෙර නොවූ විරූ මිලිටරි ප්‍රහාර දියත් කරන බවට ට්‍රම්ප් NBC ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක් වෙමින් පසුගිය ඉරිදා ප්‍රකාශ කර ඇත.

ඉරාන ජනාධිපති Masoud Pezeshkian තහවුරු කළේ ඉරානය මුහුණට මුහුණ සාකච්ඡා ප්‍රතික්ෂේප කළ නමුත් වක්‍ර සාකච්ඡා සඳහා විවෘත අතර, වොෂින්ටනය පළමුව එහි අතීත “අකටයුතුකම්” නිවැරදි කර විශ්වාසය නැවත ගොඩනගා ගත යුතු බවයි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT