Home » ගත වූ පැය 24 තුළ වාර්තා වූ මැතිවරණ පැමිණිලි ඉහළට

ගත වූ පැය 24 තුළ වාර්තා වූ මැතිවරණ පැමිණිලි ඉහළට

by yasara
April 1, 2025 4:12 pm 0 comment

2025 පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළව ගත වූ පැය 24ක කාලය තුළ ලැබී ඇති පැමිණිලි සංඛ්‍යාව ඉහළ ගොස් තිබෙයි.

මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේ එම කාලය තුළ නීතී උල්ලංඝණය කිරීම් 61ක් ලැබී තිබෙන බවයි.

එම කාලය තුළ ප්‍රචණ්ඩකාරී සිදුවීම් හා වෙනත් පැමිණිලි කිසිවක් වාර්තා වී නොමැති බවද එම කොමිසම සඳහන් කළේය.

2025 පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළව මාර්තු 20වනදා සිට 31වනදා දක්වා කාලය තුළ ප්‍රචණ්ඩක්‍රියා 02ක්, නීතී උල්ලංඝණය කිරීම් 335ක් ඇතුළු පැමිණිලි 364ක් ලැබී ඇත.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT