කන්දකුලිය වනජීවි නිළධාරින් විසින් අභිජනන මධ්‍යස්ථාන වල සුරක්ෂීතව රදවානු ලැබූ කැස්බෑ බිත්තර වලින් බිහිවු කැස්බෑ පැටවුන් 400 ක දෙනෙකු කන්දකුලිය කුඩාව වෙරළේදි සයුරට මුදා හැරීම පසුගිය දිනක සිදුවිය.
කන්දකුලිය අඩවි වනජීවි කාර්යාලයෙ නිළධාරීන් ඔවුන්ගේ අධික්ෂණය මැද දින 45ත් 50 ත් අතර කාලයක් ආරක්ෂීතව වෙරළ තිරයෙ කුඩු තුල රදවා තිබු බිත්තර වලින් පැමිනි බටු කැස්බැ වර්ගයකට අයත් කුඩා පැටව් මෙලෙස මුදා හැරිමට කටයුතු කර තිබුණි.
මෙම අවස්ථාවට දැක බලා ගැනිමට දේශීය හා විදේශීය සංචාරකයින් විශාල පිරිසක් එක්ව සිටි අතර ඔවුන් මෙම අත්දැකිම සදහා මහත් උවමනාවෙන් අධ්‍යනය කරන අයුරු දැක බලා ගත හැකි විය.
කන්දකුලිය අඩවි වනජීවි කාර්යාලයෙ අඩවි ආරක්ෂක උපාලි කුමාරතුංග මහතා පවසා සිටියෙ මෙලෙස කැස්බෑ මව් සතුන් වයඹ මුහුදු තිරයෙ බිජුලන බවත් වනජීවී කාර්යාල පිහිටි කලාප තුළ නිළධාරීන් එම බිජූ විශේෂ කැපවිමක් කරමින් ආරක්ෂා කරමින් සයුර තුල කැස්බෑවන් වර්ධනයක් ඇති කිරීමට දැඩි වෙහෙසක් ගන්නා බවයි.
නමුත් ඇතැම් පිරිස් කැස්බෑවන් මරා මස් පිණීස ආහාරයට ගැනිමත් කැස්බෑ බිත්තර ද රහසේ ආහාරයට ගැනිමත් සිදුවන බව වනජීවි නිළධාරීන් පවසයි.