Home » ඇතුගල්පුර සටන ජය පැරදුමෙන් තොරයි

ඇතුගල්පුර සටන ජය පැරදුමෙන් තොරයි

by sachintha
March 31, 2025 4:26 pm 0 comment

කුරුණෑගල මලියදේව සහ සාන්ත ආනා විදුහල් අතර 41 වැනි වරට පැවති ඇතුගල්පුර සටන දෙදින වාර්ෂික මහ ක්‍රිකට් තරගය කුරුණෑගල වෙලගෙදර ක්‍රීඩාංගණයේදී ජය පරාජයෙන්තොරව නිමා විය.

මේ තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් මලියදේව පිල පළමු ඉනිමට ලකුණු 309ක් රැස් කළ අතර, පිළිතුරු ලෙස සාන්ත ආනා පිලට පළමු ඉනිම වෙනුවෙන් රැස් කළ හැකිවූයේ ලකුණු 119ක් පමණි. තරගය නතර කරන විට දෙවැනි ඉනිම ක්‍රීඩා කරන මලියදේව විදුහල කඩුලු 4ක් දැවී ලකුණු 50ක් රැස් කර තිබිණි.

මේ තරගයේ ශතකලාභියකු බවට පත්වූ මලියදේව පිලේ නායක චන්දුප අබේසිංහ තරගයේ වීරයා සහ හොඳම පිතිකරු ලෙස සම්මාන ලබා ගත්තේය. මලියදේව පළමු ඉනිමේදී පන්දු 251කට මුහුණදුන් චන්දුප හතරේ පහර 3ක් සමඟ ලකුණු 106ක් රැස් කළේය.

හොඳම පිතිකරු – චන්දුප අබේසිංහ (මලියදේව විද්‍යාලය), හොඳම පන්දු යවන්නා- මලියදේව පිලේ තවීෂ බාලසූරිය හොඳම පන්දු යවන්නා ලෙසත්, සාන්ත ආනා පිලේ බුද්ධිම නන්දසිරි හොඳම පන්දු රකින්නා ලෙසත් සම්මාන දිනා ගත්හ.

මලියදේව පළමු ඉනිම – 309 (ඕවර 101.4) චන්දුප අබේසිංහ 106, විනුක ගලප්පත්ති 65, සොනාල් අශ්වින් 44, දිමත් අබේසිංහ 33, රජිත් නවෝද්‍ය 28 (ශෙහාන් කුමාර 94/3, බසීර් ශකීල් 63/2, ගීතික ද සිල්වා 49/2, යස්මිත් ජයසුන්දර 43/2) සහ දෙවැනි ඉනිම – 50/4 (ඕවර 11)

සාන්ත ආනා පළමු ඉනිම – 119 (ඕවර 55.5) චමිත් සසේන්ජන 25, යස්මිත් ජයසුන්දර 25 (තවීෂ බාලසූරිය 52/5)

කරුණෑගල අතිරේක පුෂ්පකුමාර ජයරත්න

මාවතගම – ආනන්ද විජේතිලක

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT