Home » වෙස්ලි-බෙනඩික්ට් දෙදින ගැටුම අද ඇරඹේ

වෙස්ලි-බෙනඩික්ට් දෙදින ගැටුම අද ඇරඹේ

by sachintha
March 31, 2025 4:24 pm 0 comment

කොළඹ වෙස්ලි විදුහල සහ කොටහේන සාන්ත බෙනඩික්ට් විදුහල අතර වාර්ෂික දෙදින ක්‍රිකට් තරගය අද (31) කොළඹ පී. සරා ඕවල් ක්‍රීඩාංගණයේදී ආරම්භ වෙයි.

වෙස්ලි විදුහලේ හිටපු කීර්තිමත් විදුහල්පතිවරයකු වූ ජේම්ස් කාට්මන් පියතුමන් සිහිකරමින් පිරිනැමෙන කාට්මන් කුසලානය වෙනුවෙන් පැවැත්වෙන මේ තරගයේදී වෙස්ලි පිල අනුග පහන්සරගේ නායකත්වයෙන් සහ සාන්ත බෙනඩික්ට් පිල ෂන්මුගනාදන් ෂාරුජන්ගේ නායකත්වයෙන් පිටියට පිවිසෙයි.

මේ වසරේදී මේ දෙවිදුහල් අතර ක්‍රිකට් තරග ආරම්භයට වසර 129ක් සම්පූර්ණ වීම ද විශේෂත්වයකි. 1896දී දෙවිදුහල් පළමු වරට ක්‍රිකට් තරගයකට එක්වී තිබේ.

මේ අතර මීට සමඟාමීව දෙපිල අතර එක්දින තරගය පෙරේදා (29) කොළඹ එස්එස්සී ක්‍රීඩාංගණයේදී පැවැත්විණි. එහිදී කඩුලු 6ක ජයක් හිමිකර ගනිමින් ලූක් පලිහ අත්කර ගැනීමට සාන්ත බෙනඩික්ට් ක්‍රීඩකයෝ සමත් වූහ. මේ තරගයේ පළමුව පන්දුවට පහරදුන් වෙස්ලි පිල ලකුණු 168කට සීමා කළ සාන්ත බෙනඩික්ට් ක්‍රීඩකයෝ ඕවර 37.3කදී කඩුලු 4ක් පමණක් අහිමි කර ගනිමින් ජය තහවුරු කර ගත්හ. සාන්ත බෙනඩික්ට් විදුහලේ හිටපු කීර්තිමත් විදුහල්පතිවරයකු වූ ග්‍රෙගරි ලූක් සහෝදරතුමන් සිහිකරමින් මේ තරගයේදී ලූක් පලිහ පිරිනැමේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT