Home » රන් සිංහ සටන ජය-පැරදුම් නෑ

රන් සිංහ සටන ජය-පැරදුම් නෑ

by sachintha
March 31, 2025 4:24 pm 0 comment

පන්නිපිටිය ධර්මපාල විදුහල සහ මාතර රාහුල විදුහල අතර 14 වැනි වරට පැවති ‘රන් සිංහ සටන’ වාර්ෂික මහා ක්‍රිකට් තරගය ජය පරාජයෙන් තොරව නිමා විය.

කොළඹ පී. සරා ඕවල් පිටියේ පැවති තරගයේ පළමුව පන්දුවට පහර දුන් රාහුල විදුහල් ක්‍රීඩකයෝ පළමු ඉනිම වෙනුවෙන් කඩුලු 7කට ලකුණු 345ක් රැස් කිරීමට සමත් වූහ. පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ධර්මපාල පළමු ඉනිම ලකුණු 157කට සීමා වූ අතර, ඉනිමක පරාජයෙන් ගැලවීම සඳහා පිට පිට දෙවැනි වරටත් පන්දුවට පහරදුන් ධර්මපාල පිල තරගය නතර කරන විට කඩුලු 5ක් දැවී ලකුණු 94ක් රැස් කර ගෙන සිටියේය.

රාහුල පිල වෙනුවෙන් නායකත්වයෙන් ඉනිමක් ක්‍රීඩා කළ සදෙව් ගමගේ පන්දු 146කින් ලකුණු 114ක් රැස් කළේ හතරේ පහර 10ක් සහ හයේ පහරක් සමඟිනි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT