ඉදිරි වසර දෙකක කාල සීමාව තුළ ශ්‍රී ලංකා ක්‍රිකට් පරිපාලන කටයුතු වෙනුවෙන් පැවැත්වෙන ක්‍රිකට් නිලවරණය අද කොළඹදී පැවැත්වේ. වත්මන් සභාපති ශම්මි සිල්වා මහතා ක්‍රිකට් මුල් පුටුවට සීසීසී ක්‍රීඩා සමාජයෙන් නැවතත් නාමයෝජනා ලබාදී ඇති අතර, එස්එස්සී ක්‍රීඩා සමාජයේ සමන්ත දොඩන්වල හා සැරසන්ස් ක්‍රීඩා සමාජයේ ජයන්ත ධර්මදාස යන මහත්වරු ද සභාපති තනතුරට නාමයෝජනා භාරදී තිබේ. මේ දෙදෙනාම අවසන් මොහොතේ සිය නාමයෝජනා ඉල්ලා අස්කර ගැනීමේ සූදානමකින් පසුවන බව වාර්තා වේ.
සභාපති තනතුරට නාමයෝජනා භාරදී තිබූ ගාල්ල ක්‍රිකට් සමාජයේ දිලීප චාල්ස් මහතාගේ නාමයෝජනා පත්‍රයේ ඇති දෝෂසහගත තත්ත්වය හේතුවෙන් ප්‍රතික්ෂේප කිරීමට නිලවරණ කමිටුව පියවර ගත්තේය.
ශ්‍රී ලංකා ක්‍රිකට් ලේකම් තනතුරට වත්මන් වැඩ බලන ලේකම් ක්‍රිෂාන්ත කපුවත්ත මහතාට අමතරව සමන්ත දොඩන්වල හා බන්ධුල දිසානායක යන මහත්වරුන් නාමයෝජනා ලබාදී තිබේ.
ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණයේ නාමයෝජනා මෙසේය:
සභාපති (තනතුරු 1යි) – ශම්මි සිල්වා, සමන්ත දොඩන්වල, ජයන්ත ධර්මදාස, උප සභාපති (තනතුරු 2යි) – රවීන් උදයප්‍රිය වික්‍රමරත්න, ජයන්ත ධර්මදාස, සමන්ත දොඩන්වල, ලේකම් (තනතුරු 1යි) – ක්‍රිෂාන්ත කපුවත්ත, සමන්ත දොඩන්වල, බන්ධුල දිසානායක, උප ලේකම් (තනතුරු 1යි) – ක්‍රිෂාන්ත කපුවත්ත, සමන්ත දොඩන්වල, බන්ධුල දිසානායක, නලීන් අසංක අපොන්සු, භාණ්ඩාගාරික (තනතුරු 1යි) – සුජීව ක්‍රිෂාන්ත ගොඩලියද්ද, ලසන්ත සදානන්ද වික්‍රමසිංහ, උප භාණ්ඩාගාරික (තනතුරු 1යි) – සුජීව ක්‍රිෂාන්ත ගොඩලියද්ද, ලසන්ත සදානන්ද වික්‍රමසිංහ.