75
දක්ෂිණ අධිවේගී මාර්ගයේ දොඩංගොඩ ප්‍රදේශයේදී සුඛෝපභෝගී බස් රථයක ගින්නක් හට ගත් බව දක්ෂිණ අධිවේගී රථවාහන පොලීසිය පැවසීය.
කිලෝමීටර් 32 කණුව ආසන්න ප්‍රදේශයේදී ගින්න හටගෙන ඇත. ගාල්ල දෙස සිට කොට්ටාව දෙසට පැමිණෙමින් සිටියදී බස් රථයේ පිටුපස පෙදෙසින් මෙම ගින්න හටගෙන ඇත. පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් විසින් ගින්න මැඬපැවැත්වූවත් ගින්නෙන් බස් රථයට බරපතළ අලාභහානි සිදුව තිබේ.
බස් රථයේ එම අවස්ථාවේදී රියැදුරු සහ සහයකයා පමණක් සිට ඇතැයි පොලීසිය පැවසීය. ගින්නෙන් ඔවුන්ට තුවාල සිදුව නොමැති අතර, ගින්නට හේතුව කාර්මික දෝෂයක් බවට පොලීසිය සැක කරයි.
සිද්ධිය සම්බන්ධයෙන් දක්ෂිණ අධිවේගී රථවාහන පොලීසිය පරීක්ෂණ පවත්වයි.
බණ්ඩාරගම – බිමල් ජයසිංහ