Home » පරිභෝජනයට නුසුදුසු ආහාර ද්‍රව්‍ය අලෙවි කරන වෙළෙඳසල් සොයා – මෙහෙයුමක්

පරිභෝජනයට නුසුදුසු ආහාර ද්‍රව්‍ය අලෙවි කරන වෙළෙඳසල් සොයා – මෙහෙයුමක්

by sachintha
March 31, 2025 4:30 pm 0 comment

සිංහල හින්දු අලුත් අවුරුදු සමයේ මිනිස් පරිභෝජනයට නුසුදුසු ආහාර ද්‍රව්‍ය අලෙවි කරන වෙළෙඳසල් සහ වෙ‍ෙළඳුන් සොයා විශේෂ මෙහෙයුමක් ඊයේ (30) හපුතලේ නගරයේ සිදු කළ බව සෞඛ්‍ය අංශ පවසයි.

මෙහිදී හපුතලේ නගරයේ අපිරිසිදු අයුරින් හෝටල් ආපනශාලා පවත්වා ගෙන ගිය හෝටල් ආපනශාලා හිමියන් කිහිප දෙනෙකුට දැඩි ලෙස අවවාද කළ බවත්, මිනිස් පරිභෝජනයට නුසුදුසු ආහාර ද්‍රව්‍ය අලෙවි කළ වෙළෙඳුන් කිහිපදෙනෙක්ට එරෙහිව නඩු පැවරූ බවත් හපුතලේ මහජන සෞඛ්‍ය පරීක්ෂක රෝයි ජාකොබ් මහතා සඳහන් කළේය . මීට අමතරව විකිණීමට තිබු කල් ඉකුත් වූ පානිය ජල බෝතල් තොගයක් අත්අඩංගුවට ගත් බවද හෙතෙම පැවැසීය. විශේෂයෙන් මේ සිංහල හින්දු අලුත් අවුරුදු සමයේ මිනිස් පරිභෝජනයට නුසුදුසු ආහාර ද්‍රව්‍ය අලෙවි කරන වෙළෙඳසල් ,වෙ‍ළෙඳුන් සොයා දිගින් දිගටම වැටලීම් සිදු කරන බවත් සෞඛ්‍ය අංශ පැවසීය. හපුතලේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයට අනුබද්ධ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් මෙම වැටලීම සඳහා සහභාගි වූහ.

සොරණාතොට සමූහ – සී.ගමගේ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT