Home » ගෙවල් කඩා හොරාකන වනඅලි කල්ලියක් නිසා දඬුබැඳිරුප්ප ජනතාව දැඩි භීතියක

ගෙවල් කඩා හොරාකන වනඅලි කල්ලියක් නිසා දඬුබැඳිරුප්ප ජනතාව දැඩි භීතියක

by sachintha
March 31, 2025 4:30 pm 0 comment

වී අස්වැන්න නෙළා ගෙන නිවෙස් තුළ තබා තිබියදී නිවෙස් කඩා වී අස්වැන්න ආහාරයට ගන්නා ඇතුන් දෙදෙනෙකු ඇතුළු වනඅලි රංචුවක් නිසාවෙන් ගලේවෙල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ දඬුබැඳිරුප්ප ප්‍රදේශයේ ජනතාව දැඩි භිතියකට පත්ව සිටිති.

පසුගිය දින කිහිපයේම ප්‍රදේශයට මධ්‍යම රාත්‍රියේ සහ අලුයම් කාලයේ ඇතුන් දෙදෙනෙකු සහ අලින් රංචුවක් පැමිණ ප්‍රදේශයේ භව භෝග විනාශ කරමින් නිවෙස්වල ගොඩ ගසා ඇති වී ආහාරයට ගැනීම සඳහා මෙම අලින් නිවෙස්වල ගෙවල් දොරවල් සහ ජනෙල් කඩා දමා ගේ ඇතුළට පැමිණෙන නිවැසියන් බියගන්වා වී තොග ආහාරයට ගන්නා බව ඔවුහු පෙන්වා දෙති.

දඬුබැඳිරුප්ප ප්‍රදේශයේ නි‍ෙවසකට පෙරේදා (30) අලුයම කඩා වැදුණු ඇතුන් දෙදෙනෙකු සහ වනඅලින් කීපදෙනෙකු නිවෙසක ප්‍රධාන දොර සම්පූර්ණයෙන්ම කඩා දමා, ඇතෙකු නි‍ෙවස ඇතුළට ඇතුළු වී තිබේ. එමෙන්ම එම නි‍ෙවසේම ජනේලයක්ද කඩා බිඳ දමා අනෙක් අලින් සහ ඇතුන් නි‍ෙවසේ තිබූ වී ආහාරයට ගත් බව නිවැසියෝ පවසති. එම අවස්ථාවේ නිවෙසේ කුඩා දරුවන් දෙදෙනකු සහ ඇස් අන්ධ මිත්තණියක සහ එක් කාන්තාවක් පමණක් සිට තිබේ. ඔවුන් දැඩි භීතියට පත් වූ බවත් දරුවන් දෙදෙනා අල්මාරියක් උඩ සඟවාගෙන පැය කිහිපයක් භීතියට පත්ව සිටි බවද පසුව අලුයම පහට පමණ අවට කණ්ඩායම් පැමිණ වන අලි කණ්ඩායම පළවා හැරි බවද නිවැසියෝ පවසති.

කෙසේ වෙතත් මේ පිළිබඳව වගකිවයුතු බලධාරීන්ගේ කඩිනම් අවධානය යොමු කරවන ලෙසත් ජනතාව ඉල්ලා සිටිති. මේ වනතුරුත් වන ජීවී නිලධාරීන් හෝ වගකිවයුතු කිසිදු බලධාරියකු පැමිණ නැති බවද එම නිවැසියෝ චෝදනා කරති. තම නි‍ෙවසේ තිබුණු වී ගෝනි දහ තුනෙන් දහයක්ම වන අලින් රංචුව ආහාරයට ගෙන තමන්ගේ භුක්තිය සඳහා වී ගෝනි තුනක් පමණක් ඉතිරිවී තිබෙන බවද ඔවුහු පෙන්වා දෙති. ප්‍රදේශවාසීන් ද මෙම සිද්ධියෙන් දැඩි කම්පනයට පත්ව සිටින අයුරු එහි ගිය අපට දැකගැනීමට හැකි විය.

සිගිරිය විශේෂ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT