ගාල්ල දිස්ත්‍රික්කයේ බෙන්තොට සිට අහංගම දක්වා කොළඹ – මාතර ප්‍රධාන මාර්ගයේ සහ ගාල්ල දිස්ත්‍රික්කය තුළ මහා මාර්ගවල දිනෙන් දින රථ වාහන අනතුරු ඉහළයෑමත් සහ මාර්ග තදබදයට පිළියමක් ලෙස 24 පැය පුරා ක්‍රියාත්මක පොලිස් මහාමාර්‌ග සංචාරක ඒකකය ඉකුත් 28 වැනිදා පෙරවරුවේ පිහිටුවා ඇත. ගාල්ල නියෝජ්‍ය පොලිස්පති ජගත් ද සේරම් මහතාගේ සංකල්පයක් මත ක්‍රියාත්මක මෙම ඒකකය සඳහා 600සී.සී. සහා 500සී.සී. අධි බලැති යතුරුපැදි සහ පොලිස් මෝටර් රථ යොදාගෙන ඇත.
කොළඹ මාතර ප්‍රධාන මාර්ගයේ බෙන්තොට සිට අහංගම දක්වා සහ ගාල්ල දිස්ත්‍රික්කය තුළ මහා මාර්ගවල රථ වාහන අනතුරු හා මාර්ග තදබදය අවම කර මනා රිය ගමනාගමනයක් ඇති කිරීමත්, මහාමාර්ග කොල්ලකෑම ඇතුළු අපරාධ අවම කර මහජනතාවට නිදහසේ තම ගමන් බිමන් යාමට අවශ්‍ය පරිසරය සකස් කරදීම සඳහා ගාලු දිසාව තුළ මහා මාර්ග සංචාර ඒකකයක් ස්ථාපිත කිරීමේ මූලික අරමුණ වන බව නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය පවසයි.
ගාල්ල දිසා සමූහ – නන්දසිරි වැලිගමගේ