අද නිදහස් මාධ්‍ය හැසිරෙන්නේ රජයට සහ පැලවත්ත පක්ෂ කාර්යාලයට අවශ්‍ය ලෙස යැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
ඒ මහතා මේ බව පැවසුවේ ඉදිරි පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් මොරටුව කොට්ඨාසයේ පැවැති ජනහමුවක් පෙරේදා (29) අමතමිනි. ජනතා විමුක්ති පෙරමුණ රජය දේශපාලන පිටියේ ඉහළට එන ගමන ක්‍රියාත්මක කිරීමේදී මාධ්‍ය සමඟ හොඳ සම්බන්ධතාවක් පවත්වාගෙන ගිය බවත් අප රටේ නිදහස් මාධ්‍ය ජනතා විමුක්ති පෙරමුණ ශක්තිමත් කිරීමට, ප්‍රචාරය ලබාදීමට, ජනප්‍රිය කරවීමට දැවැන්ත කාර්යභාරයක් ඉටු කළ බවත් හෙතෙම කීවේය.
නමුත් ජනතා විමුක්ති පෙරමුණ විපක්ෂයේ සිටින විට මාධ්‍ය පිළිබඳ දැරූ ආකල්පයට වඩා ආණ්ඩු බලය ලැබුණු පසු මාධ්‍ය කෙරෙහි දක්වන ආකල්පය වෙනස් බවත් ඔවුන් සිතන ආකාරයට මාධ්‍ය හැසිරිය යුත්තේ ආණ්ඩුව සහ ජනතා විමුක්ති පෙරමුණේ පක්ෂ කාර්යාලයේ නියෝග මත පමණක් බවත් විපක්ෂ නායකවරයා කීවේය.
මාධ්‍යයට රට වෙනුවෙන්, රණවිරුවන් වෙනුවෙන් කතා කරන්න අයිතියක් තිබෙන බවත් එය සාමාන්‍ය ජනතාවගේ ද අයිතියක් සහ යුතුකමක් බවත් රණවිරුවන් වෙනුවෙන් සාමාන්‍ය ජනතාව ද පෙනී සිටිය යුතු වුවත් සමහර අය රණවිරුවන්ට ජාත්‍යන්තර වශයෙන් හානිදායක තීන්දු තීරණ ගන්නා විට කිඹුල් කඳුළු හෙළන අය සිටියත් රණවිරුවන්ට විරුද්ධව සම්බාධක පනවන විට ඒ වෙනුවෙන් එදත් අදත් හඬ නැඟුවේ සමඟි ජන බලවේගය බවත් විපක්ෂ නායකවරයා පැවැසීය.
රක්ෂණ ශ්‍රියන්ත