Home » ලෝක සංස්කෘතික උරුමයන් පිළිබද තරුණ සමුළුවට ගිය තරුණ සිසුන් ලංකාවට

ලෝක සංස්කෘතික උරුමයන් පිළිබද තරුණ සමුළුවට ගිය තරුණ සිසුන් ලංකාවට

by yasara
March 31, 2025 3:07 pm 0 comment

06 වැනි ලෝක සංස්කෘතික උරුමයන් පිළිබද තරුණ සමුළුවට ( 06 th World Cultural Heritage Youth Symposium – 2025 ) ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වූ විද්‍යාල දෙකක් එහිදී විවිධ ශ්‍රී ලාංකික අනන්‍යතාව සහිත සංස්කෘතිකාංග ඉදිරිපත් කර  ඇගැයීමට ලක් වීමෙන්  අනතුරුව යළිත් අද (31) දින කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටියහ .

යුනෙස්කෝ සංවිධානය විසින් සංවිධානය කර තිබූ  මෙම සමුළුව ග්‍රීසියේ ඇතැන්ස් නුවර ඉකුත් 03/26 දින සිට 03/30 දක්වා ලෝකයේ රටවල් 14 ක තරුණ සිසුන් 450 කගේ පමණ සහභාගීත්වයෙන් පවත්වා තිබුණි

එහිදී මෙම සමුළුව සදහා සහභාගී වූ ගාල්ල සංඝමිත්තා සහ නුගේගොඩ ලයිසියම්  පාසැල් වල යුනෙස්කෝ සමාජ නියෝජනය කරන  සිසුසිසුවියන් විසින් ඉදිරිපත් කළ වෙස් නර්තනයන් , 18 සන්නිය , මොනර නැටුම් , ගැමි ගී ගායනා , මහත්සේ අගය කිරිමකට ලක් වී තිබුණි .

මෙසේ ඇගයීමකට ලක් වූ සිසුසිසුවියන් පිරිස අද දින උදෑසන 08.50 ට බහරේන් නුවර සිට ගල්ෆ් ගුවන් සේවයේ ජී.එෆ්.- 144 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබූ අතර , ඔවුන් පිළිගැනීම සදහා , එම සිසුන්ගේ දෙමාපියන් විශාල පිරිසක් ද ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටියහ .

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT