Home » සැවොම එක්ව සෞභාග්‍යය කරා යමු

සැවොම එක්ව සෞභාග්‍යය කරා යමු

-විපක්ෂ නායක රාමසාන් සුබපැතුම් එක් කරමින් කියයි

by sachintha
March 31, 2025 4:33 pm 0 comment

 

සැවොම එකතු කර ගත් සෞභාග්‍යය කරා යාමට එක්වෙමු යැයි රාමසාන් දිනය නිමිති කර ගෙන සුබ පැතුම් පණිවිඩයක් නිකුත් කරමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

රටක් ලෙස අප මේ වන විට නැවතත් අසීරුතා රැසකට මුහුණ දී ඇති පසුබිමක මේ තත්ත්වයෙන් සියලු දෙනාම එකට එක්ව මිදීමට අවැසි මඟ පෙන්වීම රාමසාන් උත්සවයෙන් ආදර්ශයක් කොට ගත හැකිය. තමා ගැන පමණක් නොව අනෙකා ගැන ද සිතා කටයුතු කිරීම තුළ සැවොම ඇතුළත් කර ගත් සෞභාග්‍යයක් කරා යාමට අප සියලු දෙනාම එකාවන්ව කටයුතු කළ යුතුය. එය පවතින බංකොලොත්භාවයෙන් රට මුදවා ගෙන නැවතත් සෞභාග්‍ය කරා යන ගමනට පිටිවහලක් වනු ඇති බවද හෙතෙම සිය පණිවිඩයේ සඳහන් කර තිබේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT