Wednesday, April 23, 2025
Home » සාමය-සමෘද්ධිය සැනසුම වෙනුවෙන් සියලු දෙනාට සුබ පතනවා

සාමය-සමෘද්ධිය සැනසුම වෙනුවෙන් සියලු දෙනාට සුබ පතනවා

- අගමැතිනිය රාමසාන් පණිවිඩයෙන් කියයි

by sachintha
March 31, 2025 4:00 pm 0 comment

ශ්‍රී ලංකාව විවිධත්වයෙන් පොහොසත් ජාතියක් වන අතර, අන්‍යෝන්‍ය ගෞරවය සහ සහයෝගීතාවය තුළින් අපගේ අනාගතය ශක්තිමත් කිරීමට අප සැම එක්ව ක්‍රියා කළයුතු බව අගමැතිනි, ආචාර්ය හරිනි අමරසූරිය මෙ‍ෙණවිය රාමසාන් දිනය වෙනුවෙන් පණිවුඩයක් නිකුත් කරමින් සඳහන් කළාය.

ශ්‍රී ලංකාවේ සහ ලොව පුරා සිටින අපගේ ඉස්ලාම් භක්තික සහෝදර සහෝදරියන් පූජනීය රාමසාන් උත්සවය සමරන මේ මොහොතේ, සාමය, සමෘද්ධිය සහ ආධ්‍යාත්මික සැනසීම වෙනුවෙන් සිය හෘදයාංගම සුබ පැතුම් පිරිනමන බවද එම පණිවුඩයේ සඳහන් වේ.

රාමසාන් යනු ගැඹුරු පසුවිපරම, යාච්ඤාව සහ ස්වයං විනය පිළිබඳ කාලයක් මෙන්ම එය අපට අනුකම්පාව, ත්‍යාගශීලීභාවය සහ එකමුතුකම යන වටිනාකම්ද උගන්වන කාල පරිච්ඡේදයක් බවත් මෙම ශුද්ධ මාසය තුළ අපගේ මුස්ලිම් සහෝදරත්වය අනුගමනය කරනු ලබන උපවාසය භක්තියේ ක්‍රියාවක් පමණක් නොව, අව වරප්‍රසාදිත අපේම සහෝදර ප්‍රජාව මුහුණ දෙන අරගලයන් පිළිබඳ සිහිපත් කිරීමක් බවත් එහි දැක්වේ. එය පවුලේ අය, මිතුරන් සහ ප්‍රජාව සමඟ අපගේ බැඳීම් ශක්තිමත් කරන අතරම ඉවසීම, නිහතමානිකම සහ කෘතඥතාව වර්ධනය කිරීමට ද හේතුවන කාලයක් බවද ඇය එහි සඳහන් කර තිබේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT